ජාතික ආරක්ෂාව පිළිබඳ කතා කරන පොලිස්පතිවරයා පාතාල නායකයන්ගේ මඟුල් ගෙවල් සඳහා ආරක්ෂාව සැපයූ බව දේශප්‍රේමී වෘත්තිකයන්ගේ සංසදයේ සම සාමාජික නීතිඥ රාජා ගුණරත්න පවසයි.
රටේ තත්ත්වය ඉතා අහිතකර පැත්තකට යොමු කිරීමේ වගකීම මෙම රජය භාරගත යුතු බවත් රටේ ප්‍රසිද්ධ හාමුදුරුවන් වහන්සේලාට වෙඩි තැබීම සමඟ පාතාල කල්ලි හිස ඔසවමින් පවතින බවත් හෙතෙම සඳහන් කරයි.
මේ බව ඒ මහතා සඳහන් කළේ ඊයේ (14දා) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදීය.
පසුගිය ආණ්ඩුව විසින් මෙම පාතාල කල්ලි මර්දනය කර තිබූ අතර මෙම රජයේ ප්‍රතිපත්තියක් නොමැතිකම හේතුවෙන් සහ ආරක්ෂාව පිළිබඳ ඇති ගැටලුකාරී තත්ත්වය නිසා නැවත පාතාලය හිස ඔසවමින් පවතින බවත් ඊට අමතරව රටේ මූල්‍ය වංචා සහ මාධ්‍ය මර්දනය වැනි විවිධ සිදුවීම් බහුල වශයෙන් සිදුවන බවත් හෙතෙම පෙන්වා දෙයි.
රටට ජාතික ප්‍රතිපත්තියක් නොමැතිව අයාලයේ ගමන් කරමින් සිටින අතර චෞර ආණ්ඩුවක් ලෙස හඳුනාගත හැකි මෙම ආණ්ඩුව රට අස්ථාවරත්වය කරා ගෙන ගොස් ඇති බවත් පැවැසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...