දේශීය පුවත්

ඇමැති ධුර අත්හළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් 16 දෙනාට ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී පොහොට්ටුවෙන් තරග කිරීමට අවස්ථාව ලබාදීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පොරොන්දු වූ බව ශ්‍රී ලනිප ජේ‍යෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි ජෝන් සෙනවිරත්න පැවැසීය.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනම කණ්ඩායමක් ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමඟ එක්ව පුළුල් සන්ධානයක් යටතේ සිය මන්ත්‍රිවරුන් 16 දෙනාද පොහොට්ටුවෙන් මහ මැතිවරණයට තරග කරන බවද මන්ත්‍රිවරයා කීවේය.

ඉදිරි කාලය තුළ නැවත වරක් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා හමු වී සාකච්ඡා කර එම පුළුල් පෙරමුණ සකසා ඉදිරි මැතිවරණයට මුහුණ දීමට අවශ්‍ය කටයුතු ආරම්භ කරන බවද මන්ත්‍රිවරයා කියා සිටියේය.

එසේ නොවුණහොත් මෙම මන්ත්‍රිවරුන් 16 දෙනා දේශපාලන වශයෙන් අතරමං වන බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.

එම නිසා හැකි ඉක්මනින්ම මහින්ද රාජපක්ෂ මහතා හමු වී මෙම දේශපාලන වාතාවරණය ගැන සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද ජෝන් සෙනෙවිරත්න මහතා කියා සිටියේය.

පොදුජන පෙරමුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින්නේ නම් එහි සාමාජිකත්වය ගත යුතු බවට එහි පක්ෂ නායකයන් පවසා ඇති අතර සාමාජිකත්වය ලබා නොගෙන ශ්‍රී ලනිප විකල්ප කණ්ඩායමක් ලෙස පොදුජන පෙරමුණ සමඟ පුළුල් සන්ධානයකින් මහ මැතිවරණයට තරග කළ හැකි බවද සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් කීය.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ රටේ අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමේ දේශපාලන මෙහෙයුම 16 දෙනාගේ කණ්ඩායම ආරම්භ කර තිබෙන බවත් මේ ගැන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ මූලික සාකච්ඡාවක් සිදු කළ බවත් ශ්‍රී ලනිප මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

මේ ගැන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ තීරණාත්මක සාකච්ඡා වටයක් ළඟදීම පැවැත්වීමට 16 කණ්ඩායම බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.

Mawbima



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More