විදේශ පුවත්

අමෙරිකානු හමුදාව සතු තාක්ෂණයෙන් දියුණුම ප්‍රහාරක යානයක් ලෙස F35-C යානය හැඳින්විය හැකිය.

එම ප්‍රහාරක යානයක් පසුගියදා දකුණු චීන මුහුදේ ජාත්‍යන්තර කලාපයේදී අනතුරට ලක්වී මුහුදේ ගිලී ගියේය.

එහි නියමුවා යානාවෙන් එළියට පැන දිවි රැකගත්තේය.

නමුත් මේ වනවිට එම යානය චීන හමුදාවෙන් බේරා ගැනීමට අමෙරිකානු නාවික හමුදාව විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව වාර්තා විය.

එම යානය චීන හමුදාව විසින් ගොඩගතහොත් එහි තාක්ෂණික රහස් උකහාගැනීමට චීන විද්‍යාඥයින් කටයුතු කරතැයි අමෙරිකානුවෝ සැක පළ කරති.

ඩොලර් මිලියන 100ක් පමණ වටිනාකමක් ඇති එම F35-C ප්‍රහාරක යානය, USS කාර්ල් වින්සන් නෞකාවේ සිට ගුවන්ගත කිරීමට උත්සාහ දරන විට ඇතිවූ ගැටළුවක් හේතුවෙන් මුහුදට කඩා වැටුණි.

එහිදී නෞකාවේ කාර්යමණ්ඩලයේ 7 දෙනෙක් තුවාල ලබා ඇති බව වාර්තා වුණි.

ජාත්‍යන්තර මුහුදු කලාපයකදී මෙවැනි අනතුරක් සිදුවූ විට එය පළමුවෙන් සොයාගෙන ගොඩගත් පාර්ශ්වයට එහි භාරකාරීත්වය ලැබේ.

එය ගොඩගැනීමට කුමන පියවරක් ගන්නේද යන්න සමබන්ධයෙන් අමෙරිකානුවන් පැහැදිලි ප්‍රකාශයක් කර නොමැත.

දකුණු චීන මුහුද ජාත්‍යන්තර වශයෙන් මත ගැටුමකට පාදක වූ කලාපයකි.

එය සම්පූර්ණයෙන් තමන් සතු බව චීනය පවසයි.

නමුත් අනෙක් ලෝක බලවත්තු එය පිළිනොගනිති.

ආරක්ෂක උපදේශකයෙක් වන අබි ඔස්ටෙන් පැවසුවේ යානය ගොඩගැනීම සඳහා කඩිනමින් ක්‍රියාත්මක විය යුතු බවය.

නැතහොත් එහි “කළු පෙට්ටිය” අක්‍රිය වී යානය සොයාගැනීම අපහසු විය හැකි බව ඇයගේ මතය විය.

“මෙය සොයා ගැනීම අමෙරිකාවට වැදගත්. F-35 යානය පියාඹන පරිගණකයක් වගෙයි. එය නිමවා තිබෙන්නේ අනෙකුත් සම්පත් හා සම්බන්ධයි. විශේෂයෙන්ම ප්‍රහාරක බලඝන සමග.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More