යුක්රේනය නේටෝ සංවිධානයෙන් තහනම් කරන ලෙස රුසියාව කළ ඉල්ලීම අමෙරිකා එක්සත් ජනපදය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
යුක්රේන අර්බුදය විසඳීම සදහා රුසියාව සිදුකළ ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන් මේ බව ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එම අර්බුදයට රාජතාන්ත්‍රිකව විසදුමක් ලබාදීමට අමෙරිකාව සූදානම් බව ද රාජ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කර තිබේ.
රුසියාවේ අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් නෙටෝ සංවිධානයේ මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන් බර්ග් ද ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත් නෙටෝ සංවිධානය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අධ්‍යයනයක නිරත වන බව රුසියානු අමාත්‍යවරයෙක් ප්‍රකාශ කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...