ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් බොරුකාරයෙක් ලෙස දක්වමින් කෙටි පණිවුඩයක් යොමු කළ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය බාර්නබි ජොයිස් තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.
සිය ඉල්ලා අස්වීම අග්‍රාමාත්‍යවරයා වෙත යොමු කළ බවත් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාව අයැද සිටින බවත් ඔහු කියා සිටියේය.
ඔස්ට්‍රේලියානු පුවත්පත් කිහිපයක් වාර්තාකරන ආකාරයට නියෝජ්‍ය අගමැතිවරයා විසින් පසුගිය වසරේදී කාර්යමණ්ඩල සාමාජිකයෙකු වෙත මෙම පණිවුඩය යොමු කර තිබේ.
අගමැතිවරයා කෙරෙහි තමන් තුළ කිසිදු විශ්වාසයක් නැතැයිද නියෝජ්‍ය අගමැතිවරයා මෙහිදී පවසා තිබුණි.
කෙසේවෙතත් නියෝජ්‍ය අගමැතිවරයාගේ ඉල්ලා අස්වීම තමන් මෙතෙක් පිළිගෙන නොමැති බව ඔස්ට්‍රේලියා අගමැති ස්කොට් මොරිසන් සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...