විදේශ පුවත්

මුළු කොටි ඩයස්‌පෝරාවම කම්පනයට පත්කරමින් ඇමෙරිකාවේ ට්‍රම්ප් රජය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත්වීමට තීරණය කර ඇත.ඇමෙරිකාව මෙම තීරණය ගැනීමෙත් පසු ජුනි 18 දා 38 වැනි මානව හිමිකම් සැසිවාරය ආරම්භ වේ.

ඇමෙරිකාව ජගත් මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත්වන බව ඇමෙරිකානු නිලධාරියෙක්‌ මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන්ට දන්වා ඇත.

ඇමෙරිකාව ඉවත්වීමෙන් මානව හිමිකම් කවුන්සිලය කටයුතු කිරීමට ලබාදෙන ඩොලර් මිලියන ගණනක අරමුදල ද නතර වේ.

ඇමෙරිකානු රජය මේ තීරණය ගෙන ඇත්තේ සිය ඉල්ලීම් ඉටුකිරීමට මානව හිමිකම් කවුන්සිලය ක්‍රියා නොකිරීම නිසා බව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ආරංචි මාර්ග දක්‌වයි.

ඇමෙරිකාව මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත්වීමෙන් ශ්‍රී ලංකාවේ හමුදාවට එල්ල වී ඇති යුද අපරාධ චෝදනා විමර්ශනය කිරීමේ ජිනීවා යෝජනාව ද දැඩි අර්බුදයකට මුහුණපා ඇත.

ඇමෙරිකාවේ මෙම තීරණය ගැන ස්‌විස්‌ රජය ද කම්පනයට පත් වී ඇත.

ඇමෙරිකාව ඉවත්වීමෙන් කවුන්සිලයට විපාක වලට මුහුණදීමට සිදුවන බව ස්‌විස්‌ රජය ප්‍රකාශ කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More