විදේශ පුවත්

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින්ගේ හමුදාව යුක්රේනය ආක්‍රමණය කිරීමක් සිදුකළහොත් රුසියාව වෙත දරුණු ඵලවිපාක වෙත මුහුණ දීමට සිදුවනු ඇතැයි එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් අනතුරු අගවයි. පසුගියදා දුරකථනය හරහා පූටින් අමතමින් බයිඩන් මේ බව පවසා තිබේ. මෙවැනි ආක්‍රමණයක් හේතුවෙන් ජනතාව වෙත බොහෝ හානි සිදුවිය හැකිබවත්,

එය රුසියාවේ තත්වය බිඳහෙලීමට හේතුවක් වෙනු ඇතැයිද බයිඩමෙහිදී පූටින් වෙත පැවසූ බවත් සඳහන් වෙයි. ඒ අනුව දෙදෙනාම ඉදිරි දිනෙකදී යුක්රේනය සම්බන්ධයෙන් වන එකගතාවකට පැමිණීමට මෙහිදී එකගවී තිබෙන බවත් සදහන් වෙයි. එහෙත් විදෙස් මාධ්‍ය සදහන් කරන ආකාරයට රුසියාව තව දුරටත් යුක්රේන දේශසීමාව තුළ සිදුකරන හමුදාමය ක්‍රියාකාරකම් එලෙසින්ම පවත්වාගෙන යන අතර,

එම ක්‍රියාකාරකම් අත්හැරිමේ සූදානමක්ද නොමැති බව පැවසෙයි.මේ අතර රුසියානු ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨතම විදෙස් ප්‍රතිපත්ති උපදේශකවරයෙකු සඳහන් කර ඇති ආකාරයට බයිඩන් සහ පූටින් අතර සාකච්ඡා දෙපාර්ශ්වයටම වඩාත් සමතුලිත ආකාරයෙන් පැවැත්වී තිබේ. එසේම ඕනෑම අවස්ථාවකදී ඕනෑම මට්ටමකින් දෙදෙනා අතර, සබදතා පවත්වාගෙන යාමටත් නායකයන් එන්හිදී එකගතාව පළකර කෙසේ වෙතත් එක්සත් ජනපදය පවසන ආකාරයට නුදුරේදීම යුක්රේනය ආක්‍රමණය කිරීමේ අදහසක් රුසියාවට නැතැයිද එම උපදේශකවරයා පවසා තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More