සිරගත කර ඇති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සම්බන්ධයෙන් ඉදිරියේදී සිය කාරක සංඝ සභාව රැස්වී තීරණයක් ගන්නා බව අස්ගිරි මහා විහාර පාර්ශවය කියා සිටී.
එහි මහා ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියන් පවසන්නේ, ඒ අනුව ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ගේ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කිරීමට ද කටයුතු කරන බවයි.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීමත් සමග මතුව ඇති තත්ත්වයන් පිළිබඳ මහ නා හිමිවරුන් දැනුවත් කිරිමට බොදු බල සේනා සංවිධානය ඇතුලූ සංවිධාන කිහිපයක නියෝජිතයින් අද (17) මහනුවරට පැමිණි අවස්ථාවේ උන්වහන්සේ මෙම අදහස් පළ කළේය.
Gepostet von Colombo Today – අද කොළඹ am Samstag, 16. Juni 2018
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...