විදේශ පුවත්

චීනය තුළ පිහිටුවා ඇති 5G සන්නිවේදන තාක්ෂණික පහසුකම් බෙදාහරින මූලික ස්ථාන (Base Stations) සංඛ්‍යාව පසුගිය වසර අවසන් වනවිට මිලියන 1.43ක් දක්වා ඉහළ නැග ඇතැයි එරට කර්මාන්ත සහ තොරතුරු තාක්ෂණ අමාත්‍යංශය පවසයි. ඒ අනුව මෙය සමස්ත ලෝකයේ පිහිටි මෙවැනි ස්ථාන සංඛ්‍යාව අතරින් 60%ක ප්‍රතිශතයක් බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.

එසේම අද වනවිට චීන වැසියන්ගෙන් 10,000කට මෙවැනි 5G සන්නිවේදන තාක්ෂණික ස්ථාන 10.1කින් සේවා සැපයීම සිදුකරන බවත් එහි වැඩිදුරටත් සදහන් වෙයි.චීන මාධ්‍ය සදහන් කරන ආකාරයට මෙලස රට තුළ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ හැකියාවන් වර්ධනය කිරීමේ උත්සාහය යටතේ චීනය 2021 වසරේදී පමණක් මෙම 5G තාක්ෂණය වෙනුවෙන් ඩොලර් බිලියන 29ක ආයෝජන සිදුකර තිබේ. එය සමස්තතාණික කර්මාන්ත අංශය වෙත සිදුකර ඇති ආයෝජන අතරින් 45.6%කි. එසේම එය 2020 වසරේදී එම ක්ෂේත්‍රය වෙත සිදුකළ ආයෝජන හා සැසඳීමේදී 8.9%ක ප්‍රතිශතයක වර්ධනයකි. මේ අතර වසර 2022දී 5G සන්නිවේදන සේවා මෙන්ම,ගිගාබිටි ෆයිබර්-ඔස්ටික් ජාලය සංවර්ධනය කිරීමේ කටයුතුද මේ වනවිට සිදුකරමින් පවතින බව සඳහන් කරන අමාත්‍යාංශය,මේ හරහා 2023 වසර වනවීට එරට තුළ 5G තාක්ෂණය භාවිත කරන පරිශීලකයන් සංඛ්‍යාව මිලියන 560ක් දක්වා වර්ධනය අපේක්ෂාව බවද පවසයි.එසේම චීනයේ ජනතාවගෙන් 10,000කට සේවා සපයන 5G මූලික ස්ථාන සංඛ්‍යාව 18ක් දක්වා ඉහළ නැටවෙනු ඇතැයිද – අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More