හොන්ඩියුරාස් රාජ්‍යයේ හිටපු ජනපති ජුආන් ඞ්ලැන්ඩෝ එරට පොලිසිය විසින් (15දා) අත්අඩංගුවට ගෙන ඇත.
මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා සහාය දීමේ චෝදනා මත හිටපු ජනපතිවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර මාංචු දමා ඔහු පොලිසිය මගින් රැගෙන යන අයුරු රූපවාහිනිය ඔස්සේ ප‍්‍රචාරය කරනු ලැබීය.
මාස කිහිපයක සිට හිටපු ජනපතිවරයා තමන්ට භාරදෙන ලෙස ඇමෙරිකාව විසින් ඉල්ලීම් කර තිබිණි.
ජුආන් ඞ්ලැන්ඩෝ සිය ජනපති පුටුවට සමු දුන්නේ පසුගිය මාසයේය.
හිටපු ජනාධිපතිවරයා ඇමරිකාවට පිටුවහල් කරන්නේද නැද්ද යන්න තීරණය කරන්නේ හොන්ඩියුරාස් ශ්‍රේෂ්ඨාධිකරණය විසිනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...