හිටපු ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් මැදිහත් වී ස්ථාපිත කළ ‘ටෲත් – ෂෝෂල්’ නමැති සමාජ මාධ්‍ය ජාලය අද (21 දා) ආරම්භ වෙයි.
ට‍්‍රම්ප් කෝටිපති ව්‍යාපාරිකයකු ද වෙයි. ‘ටෲත් – ෂෝෂල්’ හරහා ට‍්‍රම්ප් කිසිදු බාධාවකින් තොරව ඔහුට ‘රිසි පරිදි’ ඔහුට පැවැසීමට ඇති දේ සමාජගත කිරීමට කටයුතු කරනු ඇති බව ඇමෙරිකන් මාධ්‍ය පෙන්වා දෙයි. හිටපු ජනාධිපති ට‍්‍රම්ප්ගේ නවතම සමාජ මාධ්‍ය යෙදුම, ඇපල් ස්ටෝ හරහා බාගත කිරීමට හැකි බව ටෲත් ෂෝෂල් වෙනුවෙන් එහි ප‍්‍රකාශයකු පැහැදිලි කර තිබේ. 2020 ජනාධිපතිවරණයෙන් ට‍්‍රම්ප් පරාජය වූ විට ඔහු එය පිළිගැනීම ප‍්‍රතික්ෂේප කළේය. 2021 ජනවාරියේ සුදු අන්තවාදීන් ඇමෙරිකාවේ කැපිටල් හිල් ගොඩනැගිල්ලට කඩා වැදුණේ ට‍්‍රම්ප් ට්විටර් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ කළ උසි ගැන්වීමෙනි. එම සිදුවීමෙන් පසු ට්විටර්, ෆෙස්බුක්, යූ ටියුබ් ආදි සමාජ මාධ්‍ය ට‍්‍රම්ප්ට තහංචි පනවමින්, ට‍්‍රම්ප්ගේ ගිණුම් අත්හිටුවීමට පියවර ගත්තේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...