දේශීය පුවත්

යුක්රේනයේ ආධාරයට නොපැමිණීම සම්බන්ධයෙන් බටහිර ජාතීන් විවේචනය කළ යුක්‍රේන ජනාධිපති වොලොඩිමිර් සෙලෙන්ස්කි, ආක්‍රමණික රුසියානු හමුදාවන්ට එරෙහිව සටන් කිරීමේ වගකීම තම රටට පමණක් ඉතිරිකර ඇති බවද පවසයි.

“අප සමඟ එක්ම සටන් කිරීමට සූදානම් කවුද? මම එවැනි කිසිවෙක් දකින්නේ නැහැ, ”ඔහු පැවසීය. “යුක්රේනයට නේටෝ සාමාජිකත්වය ලබාදීම සහතික කිරීමට සූදානම් කවුද? කිසිවෙක් නැහැ! හැමෝම බයයි.” යනුවෙන් යුක්‍රේන ජනධිපතිව වොලොඩිමිර් සෙලෙන්ස්කි අවධාරණය කළේය.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් බ්‍රහස්පතින්දා පූර්ණ පරිමාණ ආක්‍රමණයක් මුදා හැරීම සම්බන්ධයෙන් බටහිර රටවල් කළ අනතුරු ඇඟවීම් නොතකා යුක්‍රේනයේ අගනුවර වන කියෙව්හි උදෑසන පිපිරුම් මාලාවක් සමගින් දෙවන දින සටන් ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කර සිටී.

එක්සත් ජනපදය සහ එහි මිත්‍ර රටවල් සම්බාධක මාලාවකින් ප්‍රතිචාර දැක්වූ නමුත් රුසියානු හමුදා ඔවුන්ගේ ගුවන් සහ ගොඩබිම් ප්‍රහාරවල ප්‍රධාන උපායමාර්ගික ජයග්‍රහණ මාලාවක් අත්පත් කරගේන ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා වලින් වැඩිදුරටත් තහවුරු වේ.

“අපි අපේ රට ආරක්ෂා කරන්නේ තනිවමයි. ලෝකයේ බලවත්ම බලවේග මෙය දුර සිට බලා සිටියි,”

වොලොඩිමිර් සෙලෙන්ස්කි පැවසුවේ නව සම්බාධක පැකේජ රුසියාව මෙල්ල කිරීමට ප්‍රමාණවත් නොවූ බවයි.

“ඊයේ සම්බාධක වලට රුසියාව බිය වූවාද? එය ප්‍රමාණවත් නොවන බව අපේ අහසින් සහ අපේ භූමියෙන් අපට ඇසේ.” වොලොඩිමිර් සෙලෙන්ස්කි පවසයි.

වොලොඩිමිර් සෙලෙන්ස්කි ට අනුව රුසියානු ආක්‍රමණයේ පළමු දිනයේ සිවිල් වැසියන් සහ හමුදා සාමාජිකයින් 137 දෙනෙකු මිය ගොස් 316 දෙනෙකු තුවාල ලබා තිබේ.

“Zmiinyi දූපත ආරක්ෂා කරමින්, අපගේ සියලුම දේශසීමා ආරක්ෂකයින් වීරෝදාර සටනක් ලබා දුන්නා. එහෙත් ඔවුන් යටත් වූයේ නැත. ඔවුන් සියල්ලන්ටම “යුක්රේනයේ වීරයා” යන ගෞරවණීය සම්මනය පිරිනමනු ලබනවා. අපි යුක්රේනය වෙනුවෙන් දිවි දුන් සිඅයළු දෙනා සදාකාලිකවම සිහිපත් කරන්නෙමු”යනුවෙන් සෙලෙන්ස්කි පැවසීය.

“ඔවුන් මිනිසුන් ඝාතනය කරමින් සාමකාමී නගර හමුදා ඉලක්ක බවට පත් කරනවා. එය වැරදියි, ඔවුනට කිසි විටෙකත් සමාව නොලැබෙනු ඇත ”සෙලෙන්ස්කි රුසියානු හමුදාවන්ගේ ක්‍රියාවන් පිළිබඳව සඳහන් කරමින් පැවසීය.

“රාජ්‍ය නායකයා ඉවත් කිරීමෙන් යුක්‍රේනය දේශපාලනික වශයෙන් විනාශ කිරීමට රුසියාවට අවශ්‍ය වුවද, ඔහු තවමත් යුක්රේනයේ සිටින බව සෙලෙන්ස්කි ප්‍රකාශ කළේය. මම තවත් අය සමඟ රජයේ නිල නිවාසයේ නැවතී සිටිමි. සතුරා මා ඉලක්ක අංක එක ලෙසත්, මගේ පවුල ඉලක්ක අංක දෙක ලෙසත් නම් කර ඇත.” යනුවෙන්ද පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More