යුක්රේන ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කි මහතාගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ යුක්රේන රජයේ නියෝජිත පිරිසක් බෙලරුස් හි ප්‍රිප්යාට් ගඟ අසල නගරයකදී රුසියානු නිලධාරීන් සමඟ සාකච්ඡා සඳහා රැස්වන බවයි.
කෙසේ වුවද මීට පෙර රුසියාව යෝජනා කර තිබුනේ යුක්රේන දේශසීමාවේ පිහිටි බෙලාරුසියානු නගරයක් වන ගොමෙල් හි සාකච්ඡා පැවැත්වීමට බව විදෙස් මාධ්‍යය වාර්තා කර තිබුණි.
යුක්රේනය සාකච්ඡාවලට සූදානම් බව ප්‍රකාශ කළද සාකච්ඡා පැවැත්වෙන්නේ කවදාද යන්න නිශ්චිතව ප්‍රකාශ කර නැති බව විදෙස් මාධ්‍යය පෙන්වා දෙයි.
යුක්රේන ජනාධිපති කාර්යාලයට අනුව බෙලාරුස්හි ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ යුක්රේන නියෝජිතයින්ගේ සංචාරය, සාකච්ඡා සහ ආපසු පැමිණීම යන කාලය තුළ බෙලාරුස් හි ස්ථානගත කර ඇති සියලුම ගුවන් යානා, හෙලිකොප්ටර් සහ මිසයිල භූමියේම පවතින බවට පොරොන්දු වී ඇති බව වාර්තා වේ.
මේ අතර එක්සත් ජනපදයේ යුක්රේන තානාපති ඔක්සානා මාකරෝවා, ඒ බී සී ප්‍රවෘත්ටි නාලිකාව සමඟ පසුගිය දා සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් කියා සිටියේ, සටන් නැවැත්වීමට සහ රුසියානු හමුදා යුක්රේනයෙන් පිටව යනු දකින ඕනෑම සාම සාකච්ඡාවකට යුක්‍රේන රජය සූදානම් බවයි.
“අපේ ජනාධිපතිවරයා යුද්ධය ආරම්භ වීමට පෙර සිටම, රාජ්‍යතාන්ත්‍රික විසඳුම්කෙරෙහි අවධානය යොමු කළා. රුසියාව යුද්ධය ආරම්භ කිරීමෙන් පසුව පවා, ඔහු සැබවින්ම සාම සාකච්ඡා සඳහා අවස්ථාව ඉල්ලා සිටියා. නමුත් ඔහු නිතරම කිව්වේ ‘අපි සාම සාකච්ඡාවලට සූදානම්, අපි යටත් වෙන්න සූදානම් නැහැ’ කියලයි.” යනුවෙන් තානාපති ඔක්සානා මාක්‍රෝවා අවධාරණය කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...