වත්මන් ආණ්ඩුව විසින් 2002 අංක 25 දරණ සාපරාධී කාරණාවලදී අන්‍යොන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට හඳුන්වා දී ඇති බැවින් එම සංශෝධන පනත්කෙ ටුම්පත ඉවත්කරගන්නා ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට ගෝලීය ශ්‍රී ලාංකික සංසදය පියවර ගෙන තිබේ.
ලංකා ලීඩ් නිව්ස් අප කළ විමසීමකදී අද්මිරාල් සරත් වීරසේකර මහතා සදහන් කර සිටියේ මෙම පනත් කෙටුම්පතට එරෙහිව අද(18) ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන බවය. ගෝලීය ශ්‍රී ලාංකික සංසදය වෙනුවෙන් පූජ්‍ය මාදරුඔයේ ධම්මිස්සර හිමි, යසස් ධර්මදාස, අද්මිරාල් සරත්වීරසේකර, පෙත්සම්කරුවන් ලෙස පෙනී සිටින බව වීරසේකර මහතා වැඩිදුරටත් සදහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...