ඊයේ(28) බෙලාරුස් රාජ්‍යයේදී පැවැති යුක්රේන-රුසියා පළමු වටයේ සාකච්ඡා කිසිදු එකඟතාවයකින් තොරව අවසන් විය. මේ අතර යුක්රේනය කඩිමුඩියේම ඊයේ(28) යුරෝපීය සංගමයට බැඳීමට අයදුම්පතක් අත්සන් කරමින් බටහිර සමඟ ඇති බැඳීම ශක්තිමත් කිරීමට පියවර ගනිමින් පෙන්වා සිටියේ සටන අවසන් කිරීමට අවශ්‍යය බලය අරමුණු කරගන්නා බව විදෙස් විත්ති විචාරකයෝ පෙන්වා දෙති.
කෙසේ වුවද යුක්‍රේනය යුරෝපා සංගමය්ට ඇතුලත් වීම යථාර්ථයක් වීමට වසර ගණනාවක් ගත විය හැකි බවද විඩෙස් විත්ටි විචාරකයෝ පවසති. මෙම ක්‍රියාව බොහෝ දුරට සංකේතාත්මක පියවරක් පමණක් බව විදෙස් විත්ටි විචරකයන්ගේ මතයයි. යුක්රේනය යුරොඊපා සංග්මයට ඈඳ ගැනීමට දිගු කලක් තිස්සේ උත්සහා කරන බවට චෝදනා කළ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් චෝදනා කළේය. .
රුසියානු සහ යුක්‍රේන නිලධාරීන් යුද්ධයේ පස්වන දිනයේ සාකච්ඡා ආරම්භ කළේ පුටින්ගේ න්‍යෂ්ටික ප්‍රහාර තර්ජනවල සෙවනැල්ල යටතේ සහ යුක්‍රේනය ආක්‍රමණය කිරීමත් සමඟ අනපේක්ෂිත ලෙස දරුණු ප්‍රතිරෝධයකට ලක්වීමත් සමඟ වීම විශේෂත්වයකි.
28දා අලුයම, යුක්‍රේනයේ ජනාධිපතිවරයාගේ ඉහළ උපදේශකයෙකු පැවසුවේ රුසියාව සමඟ පැවති පළමු සාකච්ඡා වටය අවසන් වූ බවත්, නියෝජිතයින් දෙදෙනාම ඔවුන්ගේ ඉහල බලාධිකාරියේ වැඩිදුර උපදෙස් ලබා ගැනීම සඳහා ආපසු සිය රටවල් බලා ගොස් ඇත.
යුක්‍රේන-බෙලරුස් දේශසීමාව අසල පැවති සාකච්ඡා සම්බන්ධයෙන් වාර්තා පල කරන විදෙස් මාධ්‍යය පවසා සිටියේ, නුදුරීදී සිදු විය හැකි සටන් විරාමයක් කෙරෙහි අවධානය යොමු කර ඇති බවත්, දෙවන වටයේ සාකච්ඡා “නුදුරු අනාගතයේදී” සිදුවිය හැකි බවත්ය.
විදෙස් විත්ති විචාරකයන්ට අනුව යුක්‍රේනය යුරෝපා සංගම් සාමාජිකත්වය සාක්ෂාත් කර ගැනීමේ ප්‍රමිතීන්ට ළඟා වීමට වසර ගණනාවක් දුරින් සිටින බවත්, යුරෝපා සංගමය ජාතීන් 27 කින් සමන්විත කණ්ඩායමක් වන අතර ඕනෑම අවස්ථාවක සංගමයට නව සාමාජිකයින් බඳවා ගැනීමට හැකියාවක් නැත.
එසේම,යුරෝපා සංගමය වෙත ඕනෑම නව සාමාජිකයෙකු ඇතුලත් කිරීමක් ඒකමතිකව අනුමත කළ යුතු අතර සමහර සාමාජික රටවලට අන්න්‍යය වූ සංකීර්ණ අනුමත ක්‍රියා පටිපාටි ඇති බවද විදෙස් විත්ති විචාරකයෝ පෙන්වා දෙති.
සමස්තයක් වශයෙන් ගත් කල, යුරෝපා සංගම්යේ එකඟතාවය වී ඇත්තේ යුක්‍රේනයේ පැතිර පවතින දූෂණය යුරෝපා සංගමයේ සාමාජිකත්ව්ය දිනා ගැනීම බාධාවක් විය හැකි බවයි. මේ අතර ,27 දා “යුරෝ නිව්ස් ” රූපවාහිනී නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී, යුරෝපා කොමිසමේ ප්‍රධානී උර්සුලා වොන් ඩෙර් ලෙයින් පවසා සිටියේ “අපට යුක්‍රේනය යුරෝපා සංගමය තුළ සිටීම අවශ්‍යයි.” කියායි.
මේ අතර, යුක්‍රේන හමුදා රුසියානු හමුදා වල ඉදිරි ගමන මන්දගාමී කිරීමට සමත් වූ අතර, බටහිර සම්බාධක රුසියානු ආර්ථිකය දෙදරුම් කෑමට පටන් ගත් නමුත්, ක්‍රෙම්ලිනය නැවතත් න්‍යෂ්ටික යුද්ධයේ විය හැකිතාවය මතු කළේය.
පුටින්ගේ සති අන්ත මාධ්‍යය සාකච්ඡාවෙන් පසු රුසියානු ගොඩබිම්, ගුවන් සහ මුහුදු න්‍යෂ්ටික හමුදා දැඩි සීරුවෙන් සිටින බව රුසියානු මාධ්‍ය වාර්තා කළේය. රුසියානු ජනාධිපතිවරයා සුපුරුදු සටන්කාමිත්වය ප්‍රදර්ශනය කරමින් එක්සත් ජනපදය සහ එහි සහචරයින් “බොරු අධිරාජ්‍යයක්” යැයි පැවසුවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...