රුසියානු හමුදා යුක්‍රේන නගර වටකර බෝම්බ හෙලීමත් සමඟ කොටුවී සිටින යුක්‍රේන පුරවැසියන් ඉවත් කිරීම සඳහා සටන් විරාමයක් සහ මානුෂීය කොරිඩෝවක් ඉල්ලා ඊයේ(03) රුසියානු නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවලදී යුක්රේන රජ්යේ නියෝජිතයන් ඉල්ලා සිටි බව විදෙස් මාධ්‍යය පවසයි.
ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පෙබරවාරි 24දා යුක්‍රේන දේශසීමාව හරහා සිය හමුදා යැවීමෙන් පසු සිය ගනනක් යුක්‍රේන සොල්දාදුවන් සහ යුක්රේන සිවිල් වැසියන් මියගොස් ඇති බවත් මේ වන විට යුක්‍රේන වැසියන් දැඩි අපහසුතාවයන්ට මුහුණ දෙමින් පවතින බවත් විදෙස් මාධ්‍යය වාර්තා පවසයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රකාශයන්ට අනුව දින හතක් තුළ මිලියනයකට වැඩි සරණාගතයින් පිරිසක් යුක්‍රේනයෙන් පලා ගොස් ඇති අතර මානුෂීය අර්බුදය වඩාත් නරක අතට හැරෙමින් පවතී.
යුක්‍රේන ජනාධිපති උපදේශක මිඛායිල් පොඩොල්යක් මාධ්‍යට හෙළි නොකළ ස්ථානයක පැවැති සම්මන්ත්‍රණ මේසයක වාඩි වී සිටින තමා සහ අනෙකුත් යුක්‍රේන නියෝජිතයන්ගේ ඡායාරූපයක් ට්වීටර් පණිවිඩයක් මාර්ගයෙන් ප්‍රචාරය කළේය. එම ඡායාරූපයේ යුක්රේනියානු රජයේ නියෝජිත්යන් තෙහෙට්ටුවෙන් පෙලෙන බව පෙනීයන අතර යුධ භටයන් අඳින ශීත ජැකට්ටු පැළඳ සිටි බවක් පෙනෙන අතර රුසියානු නියෝජිතයන් රාජ්‍යයතාන්ත්‍රික නිලධාරින් අඳිනු ලබන ඇඳුම් වලින් සැරසී සිටියහ.
යුක්‍රේනය වහාම සටන් විරාමයක්, සහ “විනාශ වූ හෝ නිරන්තරයෙන් ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කරන වන” ගම්මාන/නගරවලින් සිවිල් වැසියන් ඉවත් කිරීම සඳහා මානුෂීය කොරිඩෝවක්” ඉල්ලා සිටිනු ඇත,” යනුවෙන් යුක්‍රේන ජනාධිපතිවරයාගේ උපදේශකයෙකු මෙන්ම යුක්‍රේනියානු නියෝජිතයෙකු වන මිඛායිල් පොඩොල්යක් මහතා මාධ්‍ය වෙත පැවසීමෙන් අනතුරුව සාකච්ඡා මේසයට වාඩි වීමට කටයුතු කළේය.
කෙසේ වුවද පසුගිය පෙබරවාරි 28 වන සඳුදා බෙලරුස් හි පැවති පළමු සාකච්ඡා වටයේ කිසිදු ප්‍රගතියක් නොලැබීමෙන් පසු සාකච්ඡාවල ඉදිරි ගමනක් අපේක්ෂා කරන බව දෙපාර්ශ්වයම යෝජනා නොකිරීම විශේෂත්වයකි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...