දේශීය පුවත්

යුක්‍රේනයේ ගිනිකොන දෙසින් පිහිටි යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරය වන සපෝරිසසියා න්‍යෂ්ථික බලාගාරය රුසියානු හමුදා විසින් අත්පත් කරගෙන ඇති බව එරට ප්‍රාදේශීය රාජ්‍ය පරිපාලනයඊයේ ප්‍රකාශයට පත් කරණු ලැබුවේය.

සපෝරිසසියා න්‍යෂ්ථික බලාගාරය යුක්‍රේනය සතුව පවතින න්‍යෂ්ඨික බලාගාර හයෙන් විශාලතම සහ ප්‍රධානතම බලාගාරය වන්නේය.

යුක්‍රේන න්‍යෂ්ටික පරීක්ෂක කාර්යාලය උපුටා දක්වමින් “මෙහෙයුම් පිරිස් බල ඒකකවල තත්ත්වය රුසියානු හමුදා නිරීක්ෂණය කරමින් සිටිති” යනුවෙන් සමාජ මාධ්‍ය ජාලා වාර්තා කර සිටියි.

එලෙසම රුසියානු ආරක්ෂක හමුදා මෙහෙයුම් ආරක්ෂක අවශ්‍යතාවලට අනුකූල සිදු කළ බව සහතික කිරීමට උත්සාහ කළ බවද සමාජ මාධ්‍යය ජාලා පවසයි.

යුක්‍රේන රජ්යේ ප්‍රකාශයන්ට අනුව ඊයේ (4) අලුයම රුසියානු හමුදා සපෝරිසසියා න්‍යෂ්ඨික බලාගාරයට එල්ල කළ අතර ප්‍රහාරයෙන් බලාගාරයට යාබදව පිහිටි පස් මහල් පුහුණු මධ්‍යස්ථානයක්ද ගිනිබත් වී තිබේ

ඇමෙරිකා එක්සත් ජනපද බලශක්ති ලේකම් ජෙනිෆර් ග්‍රැන්හෝම් 03 වනදා ප්‍රකාශ කළේ සපෝරිසසියා න්‍යෂ්ථික බලාගාරයේ ප්‍රතික්‍රියාකාරක “ශක්තිමත් බහාලුම් ව්‍යුහයන් මගින් ආරක්ෂා කර ඇති අතර ප්‍රතික්‍රියාකාරක ආරක්ෂිතව වසා දමා ඇති” බවයි.

බලාගාරයේ තත්ත්වය පිළිබඳව යුක්රේනයේ බලශක්ති අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළ බවද ග්‍රැන්හෝම් සිය ට්විටර් ගිනුමේ සඳහන් කළාය. බලාගාරය අසල ඉහළ විකිරණ කාන්දු වීම හඳුනාගෙන නොමැති බවද ඇය සිය ට්විටර් පණිවිඩය මගින් තහවුරු කර්න්නීය.
යුක්රේන හදිසි සේවා පැවසුවේ සිකුරාදා මුල වන විට න්‍යෂ්ටික බල ඒකක හයෙන් එකක් ක්‍රියාත්මක වන බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More