එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්දීය තානාපති ටී.එස් තිරුමූර්ති මහතා පවසා සිටින්නේ ඉන්දියාව යුක්රේනයට හදිසි මානුෂීය සහනාධාර ලබාදීමට තීරණය කර ඇති බවයි.
ඒ අනුව මේ වන විටත් ඉන්දියාව හදිසි සහනාධාර සහ වෛද්‍යාධාර යුක්රේනය වෙත ලබාදීමට පියවරගෙන ඇති බවද ඒ මහතා අනාවරණය කරයි.
යුක්රේනය සම්බන්ධව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැවැති රැස්වීමකදී ටී.එස් තිරුමූර්ති මහතා මේ බව අනාවරණය කළ අතර වැඩිදුරටත් පවසා ඇත්තේ මේ මොහොතේ යුක්රේනයට මානුෂීය ආධාර කඩිනමින් ලබාදිය යුතු බවයි.
රුසියානු යුක්‍රේන ගැටුම සම්බන්ධයෙන් ඉන්දීය අගමැති නරේන්ද‍්‍ර මොදි මහතාගේ ස්ථාවරය පැහැදිලි කරමින් ටී.එස් තිරුමූර්ති පවසා ඇත්තේ ඉන්දීය අගමැතිවරයා දැඩිව පවසන්නේ මෙම ගැටුම් නිරාකරනය කරගැනීම සඳහා රුසියානු ජනාධිපතිවරයා සහ යුක්රේන ජනාධිපතිවරයා අතර සාකච්ඡා පැවැත්විය යුතුය යන ස්ථාවරයේ ඉන්දියාව සිටින බවයි.
ටී.එස් තිරුමූර්ති මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මේ සම්බන්ධව ඇති එකම විසදුම රාජ්‍යතාන්ත‍්‍රිික මට්ටමින් සාකච්ඡා කිරීම බවද අවධාරණය කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...