දේශීය පුවත්

සමහර විදෙස් මාධ්‍යය ප්‍රකාශ කර සිටියේ යුක්‍රේනයෙන් ලැබෙන ආරංචි මාර්ග වලට අනුව මොස්කව් රාජ්‍යයතාන්ත්‍රික නිලධාරින් සමඟ යුක්‍රේන රාජ්‍යයතාන්ත්‍රික නිලධාරින් පැවැත්වූ පළමු සාකච්ඡා වටයට සහභගි වූ  යුක්‍රේන නිලධරියෙකු ඊයේ(05) මරා දමා ඇති බවයි.

ඩෙනිස් කිරීව් නමින් හඳුනාගෙන ඇති ඔහුගේ මරණය සම්බන්ධයෙන් පළමු ප්‍රකාශය කරණු ලැබුවේ මතභේදාත්මක අදහස් ප්‍රකාශ කරන යුක්‍රේන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ මාධ්‍යවේදියෙකු වන ඇලෙක්සැන්ඩර් ඩුබින්ස්කි විසිනි. සමාජ මාධ්‍යවල සටහනක් තබමින් ඔහු කියා සිටියේ කිරීව් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමේදී ඇතිවූ ගැටුමක් හේතුවෙන් යුක්‍රේන ආරක්ෂක සේවය වන SBU හි නියෝජිතයින් විසින් කිරීව් ඝාතනය කර ඇති බවයි.

ඔහුගේ ප්‍රකාශය යුක්‍රේන මාධ්‍ය ආයතන දෙකක් වන Ukraina.ua සහ Obozrevatel මාධ්‍ය ආයතන විසින් තහවුරු කරන ලද්දේය. කෙසේ වුවද එම මාධ්‍යය ආයතන ඩෙනිස් කිරීව්ගේ ඡායාරූප පළ කිරීමෙන් වැලකී සිටීමට වග බලාගෙන තිබුණි. කෙසේ වුවද ඊයේ(05) යුක්‍රේන වේලාවේන් සවස හතර වන තෙක් ඩෙනිස් කිරීව්ගේ මරණය සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ නොකිරීමට යුක්‍රේන රජය කටයුතු කර තිබුණි.

ඩෙනිස් කිරීව්ගේ මරණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කළ දේශපාලනඥයෙකු මෙන්ම මාධ්‍යවේදියෙකු වන ඇනටෝලි ෂරිජ් කියා සිටියේ කියෙව්හි උසාවිය අසලදී “ඔළුවට වෙඩි තැබීමකින් කිරීව් ඝාතනය කර තිබුණා.” යනුවෙනි.

බැංකු කටයුතු සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් ඇති ඩෙනිස් කිරීව් පසුගිය පෙබරවාරි 28 වන සඳුදා රුසියාව සමඟ පැවති පළමු සාම සාකච්ඡා වටයේදී අනෙකුත් යුක්රේන නිලධාරීන් සමඟ සාකච්ඡා මේසයේ දකුණු පස කෙළවරේ වාඩි වී සිටින ආකාරය ඡායාරූපයට ගෙන තිබුණි. නමුත් කිසියම් හේතුවක් නිසා, කියෙව් පාලනය මාධ්‍ය වෙත නිකුත් කරන ලද නියෝජිතයින් හය දෙනෙකුගේ නිල ලැයිස්තුවේ ඔහුගේ නම ඇතුළත් නොවීය. ඒ අනුව සාකච්ඡා පවත්වන අතර තුර කියෙව් පාලනය ඩෙනිස් කිරීව් සම්බන්ධයෙන් වෙනත් මතයක සිටි බව පැහැදිලි බව විදෙස් විත්ති විචාරකයෝ පවසති.

යුක්‍රේන රූපවාහිනියේ චැනල් 5 නාලිකාව පසුගිය මාසයේ කළ වැඩසටහනකදී අනාවරනය කළේ ඩෙනිස් කිරීව් අවම වශයෙන් 2020 වසරේ සිට රුසියානු ඔත්තු සේවා සමඟ සම්බන්ධතා පැවැත්වීම සම්බන්ධයෙන් SBU විසින් විමර්ශනය කර ඇති බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More