ජේ.ආර්. වැඩකාරයෙකි. ඇමරිකා එක්සත් ජනපද භූ දේශපාලන න්‍යාය පත්‍රය වෙනුවෙන් ඔහු බොහෝ දේ මෙරට දේශපාලන – ආර්ථික – සමාජ දේහය තුළ සිදු කළේය. 1971 පිළිබඳ කෙබඳු විග්රහ මේ රටේ තිබුනද, එම සිදුවීම විශාල චිත්‍රය තුළ තබා කියවන අපට ඇත්තේ එම ‘දැවැන්ත ආපදාව’ කළමනාකරණය වූයේ යුරෝ – ඇමරිකා න්‍යාය පත්‍රයක් තුළ බවයි. 1977, ජේ.ආර්.ගේ මොහොත බවට නිර්මාණය කෙරුණේ ඒ ‘ආපදා අධිරාජ්‍යවාදී මාර්ග සිතියමේ තර්කානුකූල ප්‍රතිඵලය’ වශයෙනි. ලංකාවේ දේශපාලන සිතියම සමග එතෙක් බැඳි තිබූ සෝවියට් – චීන – නැඟෙනහිර යුරෝපා සාධකය ගලවා දමා, එතැනට යුරෝ – ඇමරිකා – ඊශ්‍රායල සාධකය ආදේශ කරන ලද්දේ ජේ.ආර්. විසිනි. ජේ.ආර්.ට 1977 මොහොත නිර්මාණය කර දුන්නේම ඒ කාර්යය වෙනුවෙනි.
ජේ.ආර්. වැඩ කළේ ඒ යුරෝ – ඇමරිකා න්‍යාය පත්‍රය තුළය. මෙරට පැවති සුබසාධනවාදී හා ආනයන සීමා කෙරුණු ආර්ථිකය සමූල ඝාතනය කළ ජේ.ආර්. නමැති ‘ආර්ථික ඝාතකයා’ නව ලිබරල්වාදී වෙළෙඳපොළ ආර්ථිකය මෙරට තුළ ස්ථාපිත කරමින් යුරෝ – ඇමරිකා බහුජාතික සමාගම්වල වෙළෙඳපොළක් බවට ශ්‍රී ලංකාව පත් කළේය. එක්සත් ජනපද ඔත්තු සේවා නියෝජිතයින්ගේ ස්වාභාවය තීරණය වන්නේ අදාළ පැවරුමට සාපේක්ෂවය. ඒ අනුව ගත් විට එක්සත් ජනපද න්‍යාය පත්‍රය තුළ ජේ.ආර්.ට පැවරී තිබුනේ බොහෝ දේවල් ‘කිරීමට’ය.
ඉන් දශක 4කට පසු නැවතත් එක්සත් ජනපදය තමන්ගේ අවශ්‍යතාව පිණිස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය කරන්නේ සහ පසුගිය දෙදහස් ගණන්වල ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිවරයා විසින් එරට වෙත යවන ලද රහස්‍ය කේබල් පණිවිඩයක ඇමරිකාව තමන්ට මෙරට සිටින හොඳම තොරතුරුකරුවකු ලෙස චරිත සහතිකයක් ලබා දුන් ජී.එල්. පීරිස් එම පක්ෂයේ සභාපතිවරයා කරන්නේද, ඇමරිකා – ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසියකු වන බී.ආර්. ජාතික සංවිධායකවරයා කරන්නේද කෙබඳු දේශපාලන මාර්ග සිතියමක් තුළද යන්න මේ මොහොත වන විට මුළුමනින්ම පැහැදිලිය.
ජේ.ආර්.ගේ මොහොතින් වසර 45කට පසු දැන් බී.ආර්. ගේ මොහොත උදාකර ඇති අතර, එක්සත් ජනපද නියෝජිතයකු ලෙස බී.ආර්.ගේ ස්වභාවය වන්නේ එක්සත් ජනපද න්‍යාය පත්‍රය වෙනුවෙන් බොහෝ දේවල් ‘නොකර සිටීම’ ය. ඒ අනුව මේ නොකර සිටීම තුළ මේ මොහොතේ නිර්මාණය වන ‘ආපදා තත්ත්වය’ එක්සත් ජනපද භූ දේශපාලන අවශ්‍යතාව වෙනුවෙන් ඊළඟ මොහොතේ කළමනාකරණය වීම සිදු කිරීම ඇරඹෙන්නේය. ඒ මොහොතේ ආර්ථිකයට ‘සක්‍රීයව මැදිහත්වීම’ ජේ.ආර්.ගේ පැවරුම වූ අතර, මේ මොහොතේ ආර්ථික ගතිකයන් කෙරෙහි ‘අක්‍රියව බලාසිටීම’ බී.ආර්.ගේ පැවරුම වී තිබේ. ඒ දෙකම සේවය කරන්නේ එක්සත් ජනපද භූ දේශපාලන න්‍යාය පත්රයටය.
1947-1952 ආණ්ඩුවේ මුදල් අමාත්‍යවරයා ලෙස ජේ.ආර්. ජයවර්ධන විසින් මෙරට පළමු මහ බැංකු අධිපතිවරයා ලෙස ඇමරිකානු ජාතික ජෝන් එක්ස්ටර් පත්කරගැනීම, බණ්ඩාරනායක ඝාතනයෙන් පසු ඊට සම්බන්ධ බවට කතා පැතිරුණු හා විශ්‍රාම යැවුණු එවකට නියෝජ්‍ය පොලිස්පති සිඩ්නි සොයිසා 1977 බලයට පත් ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුවේ ආරක්ෂක හා යුද කටයුතු පිළිබඳ ප්‍රධාන උපදේශකයකු බවට පත්කර ගැනීම, 1962 රාජ්‍ය විරෝධී කුමන්ත්රණයේ ප්‍රමුඛයා වූ ඩග්ලස් ලියනගේ 1977 ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් බවට පත් කර ගැනීම ආදී ප්‍රසිද්ධ සිදුවීම් හරහා වුව නිදහසින් පසු ජේ.ආර්. ජයවර්ධන සිදු කරමින් සිටි දේශපාලන කාර්යභාරයේ ස්වභාවය කුමක්ද යන්න හඳුනාගත හැකිය.
එසේම ජේ.ආර්. ජයවර්ධන පාලන සමයේ 1977 -1985 කාල පරිච්ඡේදය තුළ ඇමරිකානු සී.අයි.ඒ. සංවිධානයේ හිටපු නියෝජ්‍ය නායක ජෙනරාල් වර්නන් වෝල්ටර්ස්, රේගන්ගේ නියෝජියතයා ලෙස දෙවරක්ම මෙහි පැමිණ ඇති අතර, පළමුවර පැමිණ ඊශ්‍රායලය සමග සම්බන්ධය ඇති කර ගිය බව හෙළි වී තිබේ. හොවාර්ඩ් ෂෙපර්, ජෝෂප් අඩ්ඩබ්බෝ, රිචඩ් මර්ෆි ඇතුළු තවත් වැදගත් එක්සත් ජනපද නිලධාරීන්ද එවක මෙරටට පැමිණ යුද ආයුධ, හමුදා පුහුණුව ඇතුළු නොයෙකුත් දේ ගැන සාකච්ඡා කොට තිබේ. ජනාධිපති ජේ.ආර්.ජයවර්ධනද වොෂිංටනයට ගිය අතර, ඔහු ගියේ ලැංලේ හරහා යැයි පුවත්පත්වල පළ විණි. ලැංලේවල පිහිටුවා තිබුනේ සී.අයි.ඒ. මූලස්ථානයයි. එවක සී.අයි.ඒ. නියෝජිතයින් ලංකාවේ තත්ත්වය ගැන ඇමරිකානු සෙනෙට් සභිකයින්ට හා නියෝජිත මන්ත්‍රීවරුන්ට රහසිගතව උපදෙස් දුන් බවක්ද පුවත්පත්වල පළ වී තිබේ. ජේ.ආර්.ජයවර්ධනට පැවරී තිබූ දේශපාලන භූමිකාව කුමක්ද යන්න මෙම සිදුවීම් මගින් අනාවරණය වේ.
බී.ආර්. මෙරට දේශපාලනයේ බොහෝ තීරණාත්මක අවස්ථාවලට පෙර හා පසු සිය අනාගත මව්බිම වන එක්සත් ජනපදය වෙත ක්ෂණිකව නික්ම යාම සහ ජේ.ආර්. එක්සත් ජනපද උපදෙස් පතා පෙර සඳහන් කළ පරිදි ඇමරිකාව වෙත යාම අතර ඇති සාම්‍යය අවබෝධ කර ගැනීමට දේශපාලන අභිධර්මයක් හදාරා තිබිය යුතු නැති බව අපගේ අවබෝධයයි.
මේ මොහොතේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය පශ්චාත් යටත් විජිත ශ්‍රී ලංකාවේ අන් කිසිදු අවස්ථාවක නොවූ පරිදි නන්නත්තාර වී ඇත්තේ, 1977න් පසු මොහොතේ වෙළෙඳපොළ ආර්ථිකයේ සමෘද්ධිමත් අවධියේ මෙරට ආර්ථිකය අන් කිසිදා නොවූ පරිදි විචිත්‍ර බුබුළක් ලෙස නැඟී සිටීමේ පූර්ණ ප්රතිපක්ෂ අවස්ථාව ලෙසිනි.
Bob Burton විසින් ලියන ලද Top Secret: The Dictionary of Espionage and Intelligence ග්රන්ථයෙහි සඳහන් කරන ආකාරයට, CIA නියෝජිතයින් වර්ග 14න් එකකු වන, ‘ස්ථානීය නියෝජිතයාගේ (Agent in place) කාර්යභාරය වන්නේ ඇමරිකා එක්සත් ජනපදය සිය භූ දේශපාලන න්යායපත්රය තුළ වටිනා මර්මස්ථාන ලෙස විශ්වාස කරන රටක, පක්ෂයක හෝ කාර්යයක් තුළ රැකියාවක හෝ තනතුරක සිට අවශ්‍ය දෝෂය / ආපදාව කිරීමට හෝ ඊට ප්‍රතිවිරුද්ධ දෙය සඳහා අත්හැර දැමීමට ප්‍රයෝජනයට ගැනීමය.
මේ මොහොතේ ශ්‍රී ලංකාවේ ඒ ‘ස්ථානීය නියෝජිතයා’ සිදු කරමින් ඇත්තේ ඒ අත්හැර දැමීම හෙවත් ‘අක්‍රීයව බලා සිටීමය’. ඒ ‘කිසිවක් නොකර සිටීම’ යනු ‘ඉතා තීරණාත්මක දෙයක් කරමින් සිටීම’ බව පැහැදිලිය. මේ මොහොතේ ආර්ථික අර්බුදය හමුවේ කිසිවක් නොකර සිටීම තුළ ‘සැබැවින්ම කළේ කුමක්දැයි’ පෙනෙනු ඇත්තේ ඊළඟ මොහොත තුළය. ඒ, ඊළඟ මොහොත යනු, සිය එක්සත් ජනපද පැවරුම අවසන් කොට ජේ.ආර්. වාට්ටු පෙදෙසේ විශ්‍රාම සුවයෙන් කල් ගෙවූ මොහොත සේම, බී.ආර්. සිය එක්සත් ජනපද පැවරුම අවසන් කොට එක්සත් ජනපදයේ විශ්‍රාම සුවයෙන් කල් ගෙවන මොහොත වනු ඇත්තේය. ඒ වන විට සිදු විය යුතු සියල්ල සිදු වී අවසන් ව තිබෙනු ඇත.
ජේ.ආර්.ගේ ඒ මොහොත ‘ප්‍රති කළමනාකරණය’ කර ගැනීමට මෙරට සමාජ – දේශපාලන ව්‍යාපාරයන්ට නොහැකි විය. ඊට රටක් ලෙස – ජාතියක් ලෙස අප ගෙවූ වන්දිය මෙතෙකැයි ප්‍රමාණ කළ නොහැකි තරම්ය. නමුත් එදා ඒ වලට වැටීමෙන් ලද ලාභය වූ ‘දේශපාලන සවිඥානිකත්වය’ තුළ, බී.ආර්.ගේ මේ මොහොත ප්‍රති කළමනාකරණය කර ගැනීමට මෙරට සමාජ දේශපාලන ව්‍යාපාරයන් සමත් විය යුතුමය. ඒ ප්රතිකළමනාකරණයේ ශීර්ෂය නොඑසේ නම් න්‍යෂ්ටිය බවට අනිවාර්යයෙන්ම පත්විය යුත්තේ මෙරට ජාතික බලවේගය මිස අන් යමක් නොවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...