රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් සහ යුක්‍රේන විදේශ අමාත්‍ය ඩිමිට්‍රෝ කුලේබා එළ්ඹෙන බ්‍රහස්පතින්දා(11) දකුණු තුර්කියේ දී සාකච්ඡා සඳහා හමුවීමට එකඟ වී ඇති ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කර සිටී. රුසියාව විසින් තම රටේ ආරක්ෂාව පිණිස යුක්රේනයට පහර දීම ආරම්භ කිරීමෙන් පසු ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයින් අතර පැවැත්වෙන පළමු සාකච්ඡාව මෙය බව විදෙස් විත්ති විචාරකයෝ පවසති.
තුර්කියේ විදේශ අමාත්‍ය මෙව්ලුට් කැවුසොග්ලු පසුගිය සඳුදා(07) නිවේදනය කළේ තුර්කියේඇන්ටලියා නගරයේ පිහිටි නිවාඩු නිකේතනයකදී අදාළ රැස්වීම පැවැත්වෙන බවයි. එලෙසම එම හමුවට තුර්කි විදේශ අමාත්‍යයවරයා ලෙස තමාද සහභාගි වන බවද ඔහු අනාවරණය කළේය.
තුර්කි රාජ්‍යය , රුසියාව සහ යුක්රේනය සමඟ කළු මුහුදේ සමුද්‍ර දේශසීමාවක් බෙදා ගන්නා නේටෝ සාමාජික රටකි. අන්කාරා පාලනය මොස්කව් පාලනය සහ කියෙව් පාලනය යන දෙපාර්ශවය සමඟම මනා සබඳතා පවත්වාගෙන යන රටක් වන අතර මොස්කව් පාලනයට එරෙහි සම්බාධකවලට විරුද්ධ වුවද රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය පිළිගත නොහැකි යැයි කියා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරනු ලැබූ රටකි.
තුර්කි විදේශ අමාත්‍යය කැවුසොග්ලු පැවසුවේ පසුගිය ඉරිදා(06) රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ දුරකථනයෙන් කළ සාකච්ඡාවකදී තුර්කි ජනාධිපති තායිප් එර්ඩෝගන් මෙම හමුවේ සත්කාරකත්වය සැපයීමට තුර්කියේ ඇති කැමැත්ත ප්‍රකාශ කළ බවත් එම ඉල්ලීම නැවත නැවතත් කළ බවත්ය. පසුව රුසියානු විදේශ අමාත්‍යය සර්ජි ලැව්රොව් එය පිළිගත් බව අනාවරණය කළේය.
“මෙම රැස්වීම ඇතිවී තිබෙන ගැටුම්කාරී තත්වයෙහි සන්ධිස්ථානයක් සහ සාමය සහ ස්ථාවරත්වය සඳහා වැදගත් පියවරක් වනු ඇතැයි අපි විශේෂයෙන් බලාපොරොත්තු වෙමු,” යනුවෙන් ඔහු පැවසු අතර දෙරටේම අමාත්‍යවරු තමාට සාකච්ඡා සඳහා එක්වන ලෙස ඉල්ලා සිටි බව පැවසුවේය.
රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක මාරියා සකාරෝවා අදාළ හමුව ටෙලිග්‍රාම් පණිවිඩයක් මගින් තහවුරු කරණු ලැබුවේය.
කෙසේ වුවද යුක්‍රේන විදේශ අමාත්‍යය ඩිමිට්‍රො කුලේබා සෙනසුරාදා(05) කියා සිටියේ තමා ලැව්රොව් සමඟ සාකච්ඡා කිරීමට විවෘත නමුත් ඒවා “අර්ථවත්” නම් පමණක් සාකච්ඡා සිදුවනු ඇති බවයි.
රුසියාව සිය බෝම්බ ප්‍රහාරයට හසු වූ යුක්‍රේනියානුවන්හට ගැටුම් පවතින ප්‍රදේශයෙන් ඉවත් වීම සඳහා සඳුදා(07) නව “මානුෂීය කොරිඩෝව” ප්‍රකාශයට පත් කරමින් රුසියාවට සහ එහි මිත්‍ර රාජ්‍යයක් වන බෙලරුස් වෙත පැමිණීමට යුක්‍රේන සිවිල් වැසියන්ට ඉඩ සලසා දුන්නේය. එහෙත් එම ප්‍රයත්නය කියෙව් පාලනය විසින් දුරාචාර ප්‍රයෝගයක් ලෙස හඳුන්වා හෙලා දකින ලදී.
දින දෙකක අසාර්ථක සටන් විරාමයකින් පසුව, වටලනු ලැබූ යුක්‍රෙනයේ මරියුපෝල් නගරයෙන් සිවිල් වැසියන්ට පලා යාමට ඉඩ සලසන නිවේදනය රුසියාව විසින් නිකුත් කරන ලදී.
රුසියාවයු ක්‍රේනයේදි තමන් කරනු ලබන හමුදා මෙහෙයුම් හඳුන්වන්නේ “විශේෂ හමුදා මෙහෙයුමක්” ලෙසයි. දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු යුරෝපයේ වේගයෙන්ම වර්ධනය වන සරණාගත අර්බුදය යුක්‍රේනයේ සිදුවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. ඔවුන්ට අනුව එය මිලියන 1.5 කට අධික ජනතාවක් අවතැන්වීමකි.
තුර්කි රාජ්‍යය ආරක්ෂාව, වෙළඳාම සහ බලශක්තිය සම්බන්ධයෙන් රුසියාව සමඟ සමීප සබඳතා ගොඩනඟා ගත් රටකි. එලෙසම සෑම වසරකම මිලියන ගණනක් රුසියානු සංචාරකයින් සඳහා සත්කාරකත්වය සපයන රටකි. කෙසේවුඅද තුර්කි රාජ්‍යය මොස්කව් පාලනය කෝපයට පත් කරමින් යුක්රේනයට ඩ්‍රෝන යානා විකුණීමට කටයුතු කළේය. අන්කාරා පාලනය සිරියාවේදී සහ ලිබියාවේදී රුසියානු පාලනය ගන්නා ප්‍රතිපත්තිවලට ද විරුද්ධ වූ අතර රුසියාව 2014 දී ක්‍රිමියාව යුක්රේනයෙන් කඩා වෙන්කර ඈඳා ගැනීමට ද විරුද්ධ විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...