පුරවැසි කොලම

සම්බාධක දමා නවත්තන්නට හැකි රටවල් තිබේ. කියුබාවට දැමු සම්බාධක නිසා ඒ රටට හිස ඔසවන්නට නොහැකි වී ඇත (සමහර රටවල සමහරු හිතා ඉන්නේ කියුබාවට දියුණු වන්න බැරි සමාජ වාදය නිසා කියාය). කියුබා සම්බාධක වලට දැන් අවුරුදු හැටකි. රුසියා සම්බාධක වල දීර්ඝ කාලීන බලපෑම් පිලිබඳ මේ කරුණු කිහිපයත් සලකා බලමු.
රුසියාව Time Zones 11 ක් හසුවන ලෝකයේ ලොකුම රට වේ. ලෝකයේ ඇති සවාභාවික සම්පත් හා ඛණිජ සියල්ලම සැලකු විට ඒ හැම දෙයක්ම එකම රටක තිබේ නම් ඒ රුසියාවම පමණි.

කලින් අ@මෙරිකා ව දැමු සම්බාධක වලින් ද රුසියාවට වූ මහා ලොකු පාඩුව නම් ඛනිජ තෙල් හා ගෑස් ද යුද්ධායුද ද ප්‍රධාන අපනයන ලෙස තිබු රුසියාවේ නිෂ්පාදන හා අපනයන විශාල ලෙස විවිධාංගිකරණය වීමයි. ධාන්‍ය නිෂ්පාදනය කිහිප ගුණයකින් ඉහල ගිය අතර දැන් ලෝකයේ ප්‍රධාන ධාන්‍ය අපනයන කරු රුසියාවයි.
චීස්, මස්, එළවලු ඇතුළු සියලුම ආහාර ද නිපැයුම කොතරම් ඉහල ගියාද යත් ආනයනයකින් තොරවම සිය උවමනාවන් සපුරා ගන්නට දැන් රුසියාවට හැකිය.
රුසියාවට මේ ලෙස අනුන් මත යැපෙන්නේ නැතුව ජිවත් වී හොඳට පුරුදු බව අතීතයේ එහි සිටි අප දනිමු.
සම්බාධක නිසා වගාවට අවශ්‍ය කෘෂි යන්ත්‍ර නිපදවීම ඉහල දැමු රුසියාව අන්තිමේ නැවතුනේ ලොව විශාලතම කෘෂි යන්ත්‍රෝපකරණ නිෂ්පාදකයා හා අපනයන කරු බවට පත් වෙමිනි.


යුරෝපයේ ඉන්ධන ගෑස් වලින් 40% ක් (155 billion cu.m 2021 45% EU gas imports) එ ජනපදයේ 8% ක් සපයන්නේ රුසියාවයි. ඒ ගෑස් ඔවුන් සපයන්නේ සාමාන්‍ය වෙළඳ පොළ මිලට වඩා අඩුවෙනි.

ගෑස් ඝන මීටර 1000 කට යූරෝ 2000 ක් ගෙවන්නට යුරෝපය කැමති වේද?

(ඉස්සර රුසියාව උක්රයිනයට ගෑස් සැපයුවේ නොමිලේ ය. ඒ විශ්‍රාමික හා අඩු ආදායම් පවුල් වලට පුණ්‍යායතන පාසල් ශිෂ්යාගාර වලට නොමිලේ ගෑස් සපයන පොරොන්දුව පිටය. ඒ ගෑස් බොරු ගිණුම් පවත්වා ගනිමි වංචනික ලෙස විදේශික ආයතන වලට විකිණීමේ ජාවාරම හසු වූ පසු රුසියාව කලේ ඒ සහනය කපා දැමීමයි. ඉන් පසුද අන් රට වලට වඩා 30% ක් මිල අඩුවෙන් ගෑස් ලබා දුන් අතර උක්රයිනය හරහා යුරෝපය ට යන ගෑස් නලය වෙනුවෙන් වාර්ෂිකව ඩොලර් බිලියන 1.2 ක් පමණ මුදලක් ලබා දෙන ලදී. එය උක්රයිනයේ වාර්ෂික ආදායමෙන් විශාල කොටසකි).

යුරෝපය අමෙරිකාවෙන් ඉන්ධන සපයා ගන්නේ නම් එමෙන් තුන් ගුණයක් ගෙවන්නට වනු ඇත. එවිට ඔවුනට බිස්නස් කරන්නට වන්නේ අඟහරු එක්ක ය. අළුත් සම්බාධක නිසා දැන් රුසියානුවෝ චීනයට අළුතින් ගෑස් නල මගක් ඉදිකරන්නට ගිවිසුම් ගැසුහ. ඒ අතර යුරෝපයට එ ජ බලපෑම නිසා Nordstream II නලමග අකමැත්තෙන් නවත්තන්නට සිදුවිය. චීනයට යන අලුත් නලයට රුසියාවට ඕනෑනම් යුරෝපයට යන ගෑස් හැරවිය හැකිය. ග්‍රීන් එනර්ජි උමතුව හා දුර දිග නොබැලීම හේතු කොටගෙන දිගට හරහට න්‍යෂ්ටික බලාගාර වසා දැමු සමහර යුරෝපිය රටවලට එහි රඟ දැන් තේරුම් යන්නට පටන් ගෙන ඇත.කොතරම් සංකීර්ණ හෝ විශාල හෝ යන්ත්‍රෝපකරණයක් වුවද ඇනයේ මුරිච්චියේ සිට පටන්ගෙන අවසානය දක්වා සිය රට තුල ඉදිකරන්නට හැකි දැනුම තාක්ෂනය හා පහසුකම ඇති එකම රට රුසියාව පමණය. අතීතයේ ඔවුන් හැම දෙයක්ම නිපයුවේ එසේය. ඔවුන්ගේ ගුවන් යානයක් ගතහොත් මුල සිට අග දක්වා හැම කුඩා කොටසක්ම පවා ඔවුන් රට තුල නිපදවා ගත්හ.

බෝයිං හෝ එයා බස් ගතහොත් බඳ ඇමෙරිකාවේ එන්ජිම එංගලන්තයේය. එක්කෝ බඳ ප්‍රංශයේ එන්ජිම ඇමෙරිකාවේය. ඒ දෙගොල්ලන්ගේම ගුවන්යානාවල උපාංග වලින් 20-30% පමණ නිපදවන්නේ රුසියාවේය. ඒවාට පේටන්ට් ඇත්තේ මොස්කව් හි ත්සාගි හිය. ලෝකයේ සියලු කාර්මික රටවල් ටයිටේනියම් හා උපාංග වලට අදාලව ප්‍රධාන වශයෙන් යැපෙන්නේ රුසියාව මතය.

ලොව බලගතුම රොකට් එන්ජින් යන්ත්‍ර ඇත්තේ රුසියාවේය. ඔවුහු ඒවා ඇමෙරිකාවට සපයති. ඒවා නැතිව ඇමෙරිකානු ඇට්ලස් රොකට් වලට උඩු ගුවනට යන්නට නොහැකිය. සම්බාධක නිසා අලුතින් RD-180 රොකට් එන්ජින් සැපයීමත් කලින් සැපයු ඒවාට සේවා සැපයීමත් නවතා දැමීමට රුසියාව තීරණය කර ඇත. ස්ථිර අභ්‍යවකාශ නැවතුම් පොළවල් පිලිබඳ විශේෂඥයා රුසියාවය. ISS international space station පවත්වාගෙන යන්නේ රුසියාවේ සහයෝගිතාවයෙනි.
SWIFT පණිවුඩ ක්‍රමය හෝ එසේ නැත්නම් @putin ගේ ට්විටර් ගිණුම මහ ලොකු දේ නොවේ. ඕවාට ක්‍රම හදා ගත හැක. බාහිර ණය දල දේ නිශ්පාදිතයෙන් 32% කටත් වඩා අඩු රුසියාව ලෝකයේ විදේශ ණය බරින් අඩුම රටයි (33 billion). අ එ ජ යනු එහි පතුලේ ගිලී කඩදාසි නෝට්ටු අච්චු ගසමින් ඉන්නා රටකි (30 trillion or 103% GDP). රුසියාව ඩොලර් වලින් කරන ගනුදෙනු අවම කර බොහෝ කල්ය. බොහෝ යුරෝපීය ගනුදෙනු සිදුකලේ යුරෝ වලිනි. රුසියාව ලෝකයේ රන් සංචිත වලින් ඉන්නේ මුල්ම තැනකය (650 billion). චීනය හා රුසියාව අතර ගනුදෙනු රුබල් හා යුආන් වලින් සිදු වේ.
මේ කරුණු වලින් ඉතා ස්වල්පයකි.

වඩා වැදගත් ම දේ දැවැන්ත රටකට මේ දමන සම්බාධක වල ප්‍රති විපාක වැඩිපුරම බලපාන්නේ අතිශය කාර්මීකරණය වූ යුරෝපයටමය. ගෑස් හා පෙට්‍රෝලියම් ඉන්ධන ද පෙට්‍රෝලියම් අතුරු නිෂ්පාදනද මිල දිනපතා ඉහල යනු ඇත. ඒ අමතර ආදායම විශාල පෙට්‍රෝලියම් අපනයන කරු වන රුසියාවට නොලැබේද? රුසියාවෙන් සහන මිලට ඉන්ධන ලබන චීනය මින් උපරිම වාසි ලබන අතර චීන අපනයන වල මේ අලුත් තරඟකාරිත්වයට මුහුණ දීමට ඒ ජ හා යුරෝපා අපනයන වලට සිදුවනු ඇත.

මේ සටහන ලියුවේ සියලුම විෂ්මකර්ම ඇත්තේ ඇමෙරිකාවේ එංගලන්තයේ යයි සමහරු සිතන බැවිනි.

චන්න අශෝක රත්නායක



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More