දේශීය පුවත්

යුක්‍රේන රුසියා ගැටුමට මැදිවී සිටින යුරෝපය යුක්‍රේනයට පක්ෂපාතිත්වය දක්වා රුසියාවෙන් ඛනිජ තෙල් ආනයනය කිරීම අත්හිටුවුවහොත් සමස්ථ යුරෝපයට ගෑස් සැපයුම අත්හිටුවන බව රුසියාව පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

යුක්රේන රුසියා ගැටුම හේතුවෙන් කැනඩාව ඇතුළු රටවල් කිහිපයක් මේ වන විට රුසියාවෙන් ඉන්ධන ආනයනය අත්හිටුවා ඇත.

එහෙත් ඇමරිකාව මේ වන තෙක් රුසියානු ඛනිජ තෙල් ආනයනය අත්හිටුවා නැතත් ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කර ඇති බව ධවල මන්දිර ආරංචි මාර්ග උපුටා දක්වන විදෙස් මාධ්‍යය පවසයි.

කෙසේ වුවද සම්බාධක පැනවීමත් සමග බටහිර රටවල් රුසියාවෙන් ඛනිජ තෙල් ආනයනය අත්හිටුවන්නේ නම් යුරෝපයට දැඩි ප්‍රතිවිපාක වලට මුහුණ දීමට සිදුවනු ඇතැයිද රුසියාව අනතුරු අඟවා සිටී. යුරෝපා කලාපයේ ගෑස් අවශ්‍යතාවෙන් 40%ක හා ඛනිජ තෙල් අවශ්‍යතාවෙන් 30%ක සැපයුම්කරුවා වන්රුනේ රුසියාවයි.

මේ වන විටත් යුරෝපයේ ගෑස් මිළ ඉතා ඉහල ගොස් ඇති අතර ඉතිහාසයේ පළමු වතාවට ඩොලර් 3,900ක් දක්වා ඉහළ මිලක් නියම වී ඇත.

යුක්රේනයේ සිදුවෙමින් පවතින රුසියානු හමුදා ප්‍රහාරය මත මෙසේ මිල ගණන් දිගටම ඉහල යමින් පවතින බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති.

මේ අතර රුසියානු රාජ්‍යයේ බලශක්ති දැවැන්තයා සහ ප්‍රධාන ගෑස් අපනයනකරුවෙකු වන ‘ගැස්පෝම්’ සමාගම පවසන්නේ යුක්රේන භූමිය හරහා යුරෝපයට රුසියානු ගෑස් සැපයීම තව දුරටත් සිදුවන බවයි.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More