විද්‍යුත් ජාතික හැදුනුම්පත නිකුත් කිරීම සඳහා සියලු කටයුතු සූදානම් වුවද එය තව දුරටත් ප්‍රමාද වන්නේ ආන්දුවීම කණ්ඩායමක් එහි දත්ත තමන් අතට ලබා ගැනීමට උත්සාහ කිරීම නිසා බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. නීතිමය ගැටළු මතු වීම නිසා තවමත් එම උත්සාහය සාර්ථක වී නැතගඑහෙත් තව දුරටත් එම උත්සාහය ක්‍රියාත්මක වීම නිසා ඔවුන්ගී බලපෑම මත හැදුනුම්පත නිකුත් කිරීමද ප්‍රමාද කරවන බවයි එම ආරංචි මාර්ග වැඩි දුරටත් සදහන් කරයි.
රවී කරුණානායක මහතා මුදල් අමාත්‍යවරයාව සිටියදී විද්‍යුත් හැදුනුම්පත නිකුත්කිරීමේ ව්‍යාපෘතිය එම අමාත්‍යාංශය යටතට ගැනීමට උත්සාහ කළේය. ඒ හැදුනුම්පත් මුද්‍රණය කිරීමේ ටෙන්ඩරයෙන් කොමිස් ලබා ගැනීම සදහා බවට එම දිනවල ආරංචි පැතිර ගියද ඒ පිටුපස පවතී සැබෑ අවශ්‍යතාව වූයේ මේ හරහා එක්රැස් කෙරෙන දත්ත ලබා ගැනීම බව තතු දත් ආරංචි සදහන් කරයි.
ඉන් පසුව ඩිජිටල් යටිතල පහසුකම් පහසුකම් අමාත්‍යාංශය මේ සදහා මැදිහත් වියගපුද්ගලයන් ලියාපදින්චි කිරීමේ දෙපාර්තමේන්තු වාර්තාවන්ට අනුව මේ වන විට මෙම උත්සාහය ක්‍රියාත්මක වන්නේ අගමැතිවරයාට අයත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය මගිනි. ඔවුන් මෙම දත්ත ලබා ගැනීමට උත්සාහ කරන්නේ බහු කාර්ය විද්‍යුත් කාර්ඩ් පතක් නිකුත් කිරීමේ මුවාවෙනි. ඒ හරහා සියලු රට වැසියන්ගේ ජෛව විද්‍යාත්මක දත්ත සියල්ල එක් රැස් කිරීම ඔවුන්ගේ අරමුණ වී තිබේගඑහෙත් ඒ සදහාඅ ඔවුන්ට නීතිමය ප්‍රතිපාදන නොමැත. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හරහා එකී දත්ත ලබා ගැනීමට උත්සාහ කෙරෙන්නේ මේ නිසායගඑහෙත් එම දෙපාර්තමේන්තුව වුවද එවන් දත්ත එක් කිරීමට නීතිමය අවසරයක් නොමැත. එසේම හැදුනුම්පත සදහා එක් රැස් කරන ජනතාවගේ දත්ත වෙනත් කාර්යයක් සදහා යොදා ගැනීම හෝ රාජ්‍ය වේවා වෙනත් ආයතනයකට ලබා දීම නීති විරෝධී වේ.
එසේ තිබියදී ඩිජිටල් පහසුකම් අමාත්‍යාංශය කාර්ඩ් පතක් මුද්‍රණය කිරීම සදහා ටෙන්ඩර් කැදවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය පවා ලබා ගෙන තිබූ අතර පසුව එම අමාත්‍යාංශය විසින්ම එම කැබිනට් පත්‍රිකාව අවලංගු කර ඇත.
මේ වන විට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය හරහා ආර්ථික කළමනාකරණය පිලිබඳ අමාත්‍ය මණ්ඩල කමිටුව මීට මැදිහත් වී සිටීගඑම කමිටුවේ ප්‍රධානත්වය දරන්නේ අගමැති වරයා විසිනි. මෙලෙස ජනතාවගේ ජීවවිද්‍යාත්මක දත්ත එක්රැස් කිරීමට මෙතරම් උත්සාහ ගන්නේ කුමටදැයි සැක සහිත බව පෙන්වා දෙන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු සේවකයෝ ලඇත්ත වශයෙන්ම මෙය ආණ්ඩුවේ අවශ්‍යතාවක්ද නැත හොත් එක්සත් ජාතික පක්ෂය අවශ්‍යතාවක්දයි සැක සහිත බවද පෙන්වා දෙති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...