දේශීය පුවත්

රුසියානු බුද්ධි අංශ වාර්තා වලට අනුව යුක්‍රේනයේ සපොරෙෂියා න්‍යෂ්ටික බලාගාරයට ආසන්නයේ ස්ථාපිතව තිබූ ජීව අවි පර්යේෂණාගාරයක් තුළ කොරෝනාවට සමාන වැඩි දියුණු කරමින් පැවති වෛරසයක් සොයා ගැනීමට හැකිවී ඇතැයි විදෙස් මාධ්‍යය වාර්තා කර සිටී.

විදෙස් මාධ්‍ය අංශ වැඩිදුරටත් පවසන්නේ රුසියානු බුද්දි අංශ වාර්තා කර ඇත්තේ මෙම වෛරසයට අදාළ පර්යේෂණ සිදු කිරීම සඳහා අමෙරිකානු රජය විසින් යුක්‍රේනයට අරමුදල සපයා තිබෙන බව මොස්කව් බුද්ධි අංශ ප්‍රධානීන් රුසියන් ජනාධිපතිවරයාට දන්වා ඇති බවට්ත්ය. එසේම රුසියානු බුද්ධි අංශ සොයා ගෙන ඇති තවත් කරුණක් වන්නේ යුක්‍රේනය විසින් න්‍යෂ්ටික අවි නිපදවිය හැකි මූල්‍යද්‍රව්‍යයන් එක් ‍රැස් කරමින් සිට ඇති බවයි.

විදෙස් මාධ්‍යය වාර්තා වලට අනුව යුක්‍රේනයේ ජීව අවි පර්යේෂණාගාර 30ක් ස්ථාපිතව තිබෙන අතර ඒවායේ ඇන්ත්‍රැක්ස්, කොලරාව සහ ප්ලේග් වැනි භයානක රෝග කාරක දියුණු කර ඇති බවත් රුසියන් බුද්ධි අංශ විසින් අනාවරණය කර ගෙන තිබේ.එසේම ඒ සඳහා ඇමරිකාවේ පූර්ණ අධීක්ෂණය පැවති බව ද රුසියානු බුද්ධි අංශ විසින් හෙළිකරගෙන තිබේ.

මේ අතර යුක්‍රේනය සතුව ඇති මෙම ජීව අවි පර්යේෂණාගාර රුසියානු හමුදා අතර පත් නොවීමට කළ හැක්කේ කුමක්දැයි යන්න පිළිබඳව අමෙරිකාව යුක්‍රේනය සමඟ සාකච්ඡා කරමින් ඇති බව ද විදෙස මාධ්‍යය වාර්තා පවසයි. එම පර්යේෂණාගාර රුසියන් හමුදාව යටතට පත් වේ යැයි බියක් ඇති බව අමෙරිකානු දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් සෙනට් මණ්ඩලය දැනුම් දී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා අවධාරණය කරයි

 

.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More