ඊයේ(10) රුසියානු සහ යුක්‍රේන විදේශ අමාත්‍යයවරු අතර පැවැති සාකච්ඡා නිෂ්චිත එකඟතාවයකින් තොරව අවස්න් විය. කෙසේ වුවද යුක්‍රේන විදේශ ඇමතිවරයා ඉල්ලා සිටි රුසියානු සහ යුක්‍රේන ජනාධිපතිවරුන් අතර මුහුණට මුහුණ සාකච්ඡා පැවැත්විය යුතු යැයි යුක්‍රේනය කළ ඉල්ලීමට පිළිතුරු දැක්වමින් රුසියානු සහයුක්‍රේන නායකයින් අතර සාකච්ඡා “රැස්වීම සඳහා රැස්වීමක්” නොවිය යුතු බව රුසියානු විදේශ අමාත්‍යය සර්ජි ලැව්රොව් මහතා පවසා සිටියේය.
රුසියානු ජනධිපති ව්ලැඩිමීර් පුටින් සහ යුක්රේන ජනාධිපති වොලදිමිර් සෙලෙන්ස්කි අතර මුහුණට මුහුණ සාකච්ඡා අවශ්‍ය විය හැකි බවත් රුසියානු ජනාධිපතිවරයා එවැනි සාකච්ඡා සඳහා සහභාගී වීමට සූදානම් නමුත් ඒ සඳහා යම් සූදානමක් අවශ්‍ය වනු ඇතැයි රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවසා සිටියේය.
බ්‍රහස්පතින්දා(10) තුර්කියේ ඇන්ටාලියා නගරයේදී යුක්රේන විදේශ අමාත්‍යය ඩිමිට්‍රෝ කුලේබා සමඟ පැවති “දුෂ්කර” සාකච්ඡාවලින් පසු රුසියානු විදේශ අමාත්‍යය ලැව්රොව් පැවසුවේ “ජනාධිපති පුටින් ජනාධිපති සහ සෙලෙන්ස්කි අතර සාකච්ඡා පිළිබඳ අදහස ප්‍රතික්ෂේප නොකරන බව අපි අද තහවුරු කළෙමු” යනුවෙනි.
පුටින් සහ රුසියාව “අපට යම් අමතර වටිනාකමක් ලබා ගැනීමට සහ ගැටලුව විසඳා ගත හැකි තරම් අවස්ථාවක් නිර්මානය කරන්නේ නම් හමුවීමට සැමවිටම සූදානම්” බව තම යුක්රේන සහකරුට මතක් කර දුන් බව රුසියානු විදේශ අමාත්‍යයවරයා මාධ්‍යය වෙත පැවසුවේය. කෙසේ වෙතත්, මොස්කව් පරිපාලනය “රැස්වීම සඳහා සරලව රැස්වීමෙන්” පමණක් කිසිදු ප්‍රයෝජනයක් සිදු නොවන බව රුසියානු විදේශ ඇමතිවරයා පෙන්වා දුන්නේය.
පුටින් සහ සෙලෙන්ස්කි අතර ඇති විය හැකි සාකච්ඡා සම්බන්ධයෙන් අදහස් පලකරමි රුසියානු විදේශ අමාත්‍යයවරයා පැවසුවේ “සමහර විට යම් අවස්ථාවක දී, එවැනි සාකච්ඡාක් අත්‍යාවශ්‍යය වනු ඇති.නමුත් එය සිදු වීමට නම්, බෙලාරුසියානු මැදිහත්වීම ඔස්සේ සූදානම් වීමේ කටයුතු සිදු කළ යුතුය.” යනුවෙනි.
පෙබරවාරි 24 වනදා රුසියානු යුක්‍රේන ගැටුම ආරම්භයේ සිට මොස්කව් සහ කියෙව්හි නියෝජිතයින් දැනටමත් මින්ස්ක් හිදී සාකච්ඡා වට තුනක් පවත්වා ඇත. කෙසේ වෙතත්, දෙපාර්ශවයම තවමත් සැලකිය යුතු ප්‍රතිඵල කිසිවක් ලබා ගෙන නොමැත.
“අපගේ නිශ්චිත යෝජනා යුක්‍රේන පාර්ශ්වයට ඉදිරිපත් කර තිබෙනවා . ඔවුන් නිශ්චිත පිළිතුරු ලබා දෙන බවට අපට පොරොන්දු වී තිබෙනවා. අපි බලාගෙන ඉන්නවා,” විදේශ අමාත්‍යවරයා අවධාරණය කළේය.
මින්ස්ක් ගිවිසුම්වල නියමයන් ක්‍රියාත්මක කිරීමට යුක්‍රේනය අසමත් වීම සහ රුසියාව අවසානයේ ඩොනෙට්ස්ක් සහ ලුගාන්ස්ක්හි ඩොන්බාස් සමූහාණ්ඩුව පිළිගැනීම සම්බන්ධයෙන් වසර හතක් තිස්සේ පැවැති මත ගැටුම්වලින් පසු පෙබරවාරි මස 24 වනදා මොස්කව් පාලනය සිය අසල්වැසි යුක්‍රේනයට පහර දුන්නේය. මේ අතර ජර්මානු සහ ප්‍රංශ තැරැව්කාර රාජ්‍යයතාන්ත්‍රිකයන් යුක්‍රේන රාජ්‍යය තුළ එම කලාපවල තත්ත්වය විධිමත් කිරීමට සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කර සිටියේය.
එක්සත් ජනපදය ප්‍රමුඛ නේටෝ හමුදා කඳවුරට කිසිදා එක් නොවන මධ්‍යස්ථ රටක් ලෙස යුක්රේනය නිල වශයෙන් ප්‍රකාශ කරන ලෙස මේ වන විට රුසියාව යුක්‍රේනයට බලකර ඇත. කියෙව් පාලනය අවධාරණය කරන්නේ රුසියානු ප්‍රහාරය මුලුමනින්ම ප්‍රකෝප නොකළ ප්‍රහාරයක් ලෙස සලකන බවත් බලහත්කාරයෙන් ජනරජ දෙක නැවත පිහිටුවීමට සැලසුම් කර ඇති බවට කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බවත්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...