ඉන්දියානු භූමියේ සවිකර ඇති මිසයිලයක් පාකිස්තාන භූමිය වෙත එල්ල කර අහම්බෙන් පුපුරා යාම සම්බන්ධයෙන් අද(12) දින ප්‍රකාශයක් කරමින් පාකිස්ථාන බලධාරින් පවසා සිටියේ මිසයිලය අහම්බෙන් පුපුරා යාම සම්බන්ධයෙන් ඉන්දියානු පාර්ශවයෙන් කරණු ලබන පරීක්ෂණය ප්‍රතික්ෂේප කරන බවයි. ඒ අනුව මිසයිලය පුපුරා යාම සම්බන්ධයෙන් ඉන්දියානු පාකිස්ථාන ඒකාබද්ධ පරීක්ෂණයක් පාකිස්ථානය ඉල්ලා සිටියි. මෙම ගැටළුව සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව මැදිහත් විය යුතුය යන ස්ථාවරයේ සිටින බවත් පාකිස්ථානය ප්‍රකාශ කළේය.
“ඉන්දියානු බලධාරීන් විසින් ඉදිරිපත් කරන ලද සරල පැහැදිලි කිරීම් සමඟ එවැනි බරපතල කාරණයක් විසඳිය නොහැක” යනුවෙන් පකිස්ථාන විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
“සිද්ධිය වටා ඇති කරුණු නිවැරදිව තහවුරු කිරීම සඳහා පකිස්ථානය ඒකාබද්ධ පරීක්ෂණයක් ඉල්ලා සිටී,” යනුවෙන් පකිස්ථාන විදේශ කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
සාමාන්‍යය නඩත්තු කිරීමේදී “තාක්ෂණික දෝෂයක්” හේතුවෙන් අහම්බෙන් මිසයිලය පකිස්ථානයට එල්ල කළ බව ඉන්දියාව ඊයේ(12) ප්‍රකාශ කළේය.
“අප්‍රසන්න ප්‍රතිවිපාක” පිලිබඳව නවදිල්ලියට පාකිස්ථානය අනතුරු ඇඟවීමෙන් පසු පාකිස්ථානු විදේශ අමාත්‍යාංශය මෙම නිවේදනය නිකුත් කිරීම විශේෂත්වයකි.
“න්‍යෂ්ටික පරිසරයක් තුළ ජාතින් අතර ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීමේදී නිසි කාර්යභාරය” ජාත්‍යන්තර ප්‍රජාව ඉටු කළ යුතු බව පකිස්තානයේ විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළ අතර එක් පාර්ශ්වයක් විසින් යම් වැරදි අර්ථකථනයක් තහවුරු වීමට තුඩු දෙන ආකාරයෙන් හැසිරෙන්නේ නම් “දරුණු ප්‍රතිවිපාක” ඇති විය හැකි බවට අනතුරු අඟවයි.
මතභේදයට තුඩු දී ඇති කාශ්මීර ප්‍රදේශය ආශ්‍රිතව පාකිස්ථානය සහ ඉන්දියාව යුද්ධ තුනකට මැදිහත් වී තවත් විශාල ගැටුම් රාශියක නිරත වූ න්‍යෂ්ටික සන්නද්ධ අසල්වාසීන් දෙදෙනෙකි. මේ තත්වය සම්බන්ධයෙන් විසින් අනතුරු හෝ වැරදි ගනන් බැලීම් වල අවදානම පිලිබඳව යුද විශේෂඥයින් අතීතයේදී අනතුරු අඟවා ඇත.
මෑත කාලයේදි ඉන්දියාව සහ පාකිස්ථානය අතර යුද ආතතීන් තරමක් ලිහිල් වී තිබුණු අතර, එවැනි ආකාරයේ පළමු සිදුවීම විය හැකි මෙම සිද්ධිය, ආරක්ෂක යාන්ත්‍රනය පිළිබඳව වහාම ප්‍රශ්න මතු කෙරුනි.
අහම්බෙන් මිසයිල දියත් කිරීම් වැලැක්වීම සඳහා මිසයිල් පද්ධතියේ ආරක්ෂක යාන්ත්‍රණය සහ එය ඉන්දියානු සන්නද්ධ හමුදාවන් විසින් නිසි ලෙස හසුරුවා ගන්නේද යන්න පිළිබඳව පකිස්ථානය ඉන්දියාවෙන් පැහැදිලි කිරීමක් කරන ලෙස ඉල්ලා සිටියි.
එක්සත් ජනපදය පදනම් කරගත් අවි පාලන සංගමයට අනුව, ඉන්දියානු මිසයිලයේ විනාශකාරි පරාසය කිලෝමීටර් 300 (සැතපුම් 186) සහ කිලෝමීටර 500 (සැතපුම් 310) අතර වන අතර, එය උතුරු ඉන්දීය මිසයිල දියත් කිරීමේ වේදිකාවක සිට ඉස්ලාමාබාද් නගරය වෙත පහර දීමට සමත් වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...