දහනව වන සංශෝධනය බලාත්මක කළ රනිල් වික්‍රසිංහ ඒ තුළට ජාතික ආන්ඩුව කියන ප්‍රතිපාදනය ඇතුලත් කළ.2015 දී මෛත්‍රීපාල බලයට පත් කෙරෙන්නේ ජාතයන්තර මැදිහත්වීමෙන්.මහින්ද ආණ්ඩුව සමග රන්ඩුවක් ඇති කරගෙන තිබූ මෛත්‍රීපාල සිරිසේන ඒ විරෝධය මගින් ආරෝපණය කරමින් ආණ්ඩුවෙන් එළයට ගැනීමට පාර්ශව කිපයක්ම කටයුතු කලා.රතන හිමියන් එක් අයෙක්.මට මතක හැටියට හෙළ උරුමය මගින් සංවිධානය කල සමුලුවකදී ව්‍යවස්ථා වෙනසක් ගැන සඳහන් කරනලද කෙටුම්පතක් රනිල්ට පිළිගැන්වූවා. ඒ වේදිකාවට කැඳවල නොවෙයි. දෙපා මුලටම ගිහින් පිළගැන්වූවා.ඒ කාලෙ රතන හිමියන්ට රනිල් හරි ඉහලයි. චම්පික දෙගිඩියාවෙන් ඉඳල අනිතිමට ඒ පැත්තට ඇදිල ගියා.ගම්මන් පිල රාජපක්ෂ වරුන්ට තිබෙන හිතවාදි කම නිසා චම්පිකගෙන් කැඩිල ගිහින් විමල් සමග එකතු වුණා.ඇමරිකාවත් ඉන්දියාවත් රනිල්ව යොදාගෙන කලාපීය භූ දේශපාලනය හසුරුවන්නට ලොකු සැලැස්මක් ගෙන ගියා.
13 ට එහා ගිය බලය බෙදීමක් බහුජාතික සමාගම් වලට අවශ්‍යය ඉඩම් ලබා ගැනීම වගේ දේවල් වගේම ජනපති ක්‍රමය අහෝසි කරල අගමැති විධායකය බවට පත් කරල ඇමරිකාවට අවශ්‍යය රූකඩයක් කරන්නට නියමිත වුණා. මුලු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථාදායක සභාවක් බවට පත් කරල නව ව්‍යවස්ථාවක් නිර්මාණය කරලීම මගින් දෙමළ පක්ෂ වලට අවශ්‍යය බලය බෙදීම කරලීමයි සැලැස්ම වුණේ. ඔරුමිත්ත නාඩු වගේ ව්‍යවස්ථ කෑලි නිසා රනිල් ගේ සැලැසම ලීක් වුනා.ජිනීවා වලදී යුද අපරාධ චෝදනා වලට සම අනුග්‍රහය දැක්වීම නිසා ජනතා විරෝධය තවත් උත්සන්න වුණා.19 ගෙනල්ල ඇමති මණ්ඩලය 30ට අඩුකලත් ජාතික ආණ්ඩුවක් අටවල දෙමළ අන්තවාදීන්ට සහ මුස්ලිම් අන්තවාදීන්ට අවශ්‍යය විදියට රටේ දේශපාලනය හැසිරවීම මගින් බලය බෙදීමේ ක්‍රියාවලිය ඉක්මනින් ඉදිරියට ගියා.
ඒ කාලෙ ඒයුගයෙ ඒකාබද්ධ විපක්ෂය විදියට හිටියට මහින්ද කණ්ඩායම ව්‍යවස්ථාදායක සභා මරඋගුලට මෙන්ම ජාතික ආණ්ඩු මර උගුලටත් පක්ෂ වුණ හැටි මතකයි.කෙහොමහරි අනිතිමට රනිල් පරාජයට පත් කළේ ඔහු ගෙනා M C C වැනි බටහිර අවශ්‍යය ප්‍රතිපත්ටින් සමගින්මයි.පාස්කු ප්‍රහාරය පිටිපස්සෙ හිටිය ඇමරිකාවට රනිල් ඒ වෙනකොට අවලංගු පාලකයෙක්. රනිල්ගේ පරාජය ඓතිහාසික පරාජයක්.විදේශ බලවේග වල පරාජයක්.2015 -2019 කාලෙ රට පාලනය කලේ මෛත්‍රී නොවයි රනිල්. යම් තීරනාත්මක අවස්ථාවකදී මෛත්රී් සෘජු තීරණ කිපයක් ගත්තත් ඔහු හිටියේ කනස්සල්ලෙන්. උගුලකට අහුවෙලා බියෙන්.ඒ තත්වය ඒ බිය සංකාව අද ඔහු පාපෝච්චාරනය කරන්නේ වේදනාවෙන්. හැබැයි කිසිම සබුද්ධික දේශපාලනික හැඟීමකින් නොවෙයි.
ගෝඨාභය බලයට පත් වෙලා 19 ඉවත් කරන්නට ගත් උත්සාහයට ජනතා සහාය ලැබුණේ පෙර කී විදේශ කුමන්ත්‍රණයන්ට 19 න් හොඳ පිටිබලයක් ලැබී තිබුනු නිසයි.19 ඉස්සෙල්ලම පාර්ලිමේන්තුවට ගෙනාවෙ 2002 දී. ඒ වෙලාවෙ ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවක් නිසා 19 ගෙන එන්නට බැරිවුනා. ඒ 19 ම රනිල් ආයේ ගෙනල්ල සම්මත කර ගත්තෙ ව්‍යවස්ථා විරෝධීවයි. ඉතින් ගෝඨාභයට කරන්නට තිබුණේ 19 වලංගු නෑ කියල තීන්දුවක් ගන්නට විතරයි. නමුත් ඔහු දැන දැනම ඒ තීන්දුව ගත්තේ නෑ. ඒ වෙනුවට අලි සබ්රිලව පාවිච්චි කරල 19 න් කෑලි අරගෙන 20 හදල සම්මත කර ගත්ත.19 න් ගත්ත එක කෑල්ලක් තමයි ජාතික ආණ්ඩු ප්‍රතිපාදානය.
මේ 20 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ඉංග්‍රිසි භාෂාවෙන්. මන්ත්‍රීවරු අහන් හිටියට ජාතික ආණඩු කෑල්ල අයෙ ගෙනාව කියල කවුරුත් දන්නේ නෑ.විමල්ල ගම්මන්පිලලා මේව අහගෙන හිටියට ජාතික ආන්ඩු මර උගුල ඇතුලත් කළා කියල දැන ගත්තේ සම්මත වුනාට පස්සෙයි.එහෙම නැතිනම් ගෝඨභයට සංවේදි වෙලා ඒක අනුමත කළා. අර ද්විත්ව පුරවැසිකමට සංවේදී වෙලා අනුමැතිය දුන්නා වගේ.
දැන් රනිල් ට භර දුන්න විදේශ න්‍යාය පත්‍රය ගෝඨාභයට භාරදීල ඉවරයි.බැසිල් අවලස්සන ඇමරිකානුවෙකු තමයි. නමුත් ගෝඨාභය කියන්නේ බෞතීස්ම ලබපු ඇමරිකානුවෙක්.දැන් විමල්ලා ජාතික ආණ්ඩුවට විරෝධය පළ කරනනට පටන් අරන්. නමුත් පමා වෙලා වැඩියි. විමල්ලා දුර්වල වෙලා. බැසිල් හරහා එදා රනිල් අතින් කෙරෙන්නට තිබූ 13 එහා බලය බෙදීම ක්‍රියාත්මක කරන්නට ලෑස්තියි. ඒකට ජාතිකි ආණ්ඩුවක් අවශ්‍යයි.සර්ව පාක්ෂික සමුලුවක් හරහා ඒ යෝජනාවට අනුමැතිය ගන්නට උත්සාහ දරාවි. සංහිඳියයාව ගැන කතා කරන හැම පක්ෂයක්ම මේ යෝජනාවන්ට කඩේ යනවා සිකුරුයි.රටේ ආර්ථිකය ඝාතනයක් කරලා මිනිසුන්ගේ මානසික තත්වය හොඳටම වට්ටලා රට බෙදීමේ කුමන්ත්‍රණය ඉස්සරහට යනවා.බඩ ගැන හිතන බහුතරය රට ගැන හිතලා ඉදිරියට ආවොත් හොඳයි. නැතිනම් මෙදා පාර කම්මුතුයී.
මතුගම සෙනෙවිරුවන්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...