යුක්රේන ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කි මහතා රුසියාව සමඟ සාකච්ඡා සඳහා සිය සූදානම ප්‍රකාශ කර තිබෙන බව විදෙස් මාධ්‍යය වාර්තා කර සිටී. විදෙස් මාධ්‍ය පවසන්නේ යුක්‍රේන ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කි ඊශ්‍රායල අගමැතිගෙන් ජෙරුසලමේදී සාම සාකච්ඡා කැඳවන ලෙස ඉල්ලා සිටි බවයි.
“යුක්‍රේන නියෝජිතයන් සහ රුසියානු නියෝජිතයින් අතර යම් යම් ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටිනවා. ඔවුන් සමහර මාතෘකා සම්බන්ධයෙන් සාකච්ඡා පටන් ගත්තා. එම සාකච්ඡා වලදි එළඹෙන අවසාන නිගමන ඉවතලීමක් පිළිබඳව මා රුසියාව සමඟ සාකච්ඡා වලට කෙරෙන යෝජනා වලින් කියවෙන්නේ නැහැ.”සෙලෙන්ස්කි ඊයේ(12) විදේශ මාධ්‍ය සමඟ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසුවේය.
“රුසියාව සමඟ ඕනෑම ඉහළ රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ සාකච්ඡාවක් මධ්‍යස්ථ රටක භූමියේ පැවැත්විය යුතු බව කියෙව් පාලනයේ අදහසයි” එවැනි සාකච්ඡාවක් සඳහා සත්කාරකයෙකු ලෙස ඊශ්‍රායලය නම් කරමින් සෙලෙන්ස්කි අදහස් දැක්වීය.
“අපි ඊශ්‍රායල් අගමැති නෆ්තාලි බෙනට් සමඟ මේ සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගත්තා. රුසියාවේ, බෙලරුස්හි රැස්වීම් පැවැත්වීම නිවැරදි නොවන බව මම කීවා. මම තාක්ෂණික රැස්වීම් ගැන කතා කරන්නේ නැහැ . මම කතා කරන්නේ දෙරටේ නායකයින්ගේ රැස්වීම් ගැන පමණයි. ඊශ්‍රායලය එවැනි සාකච්ඡාවක් පැවැත්විය හැකි දේශයක් සහ ජෙරුසලම ඒ සඳහා තෝරා ගත හැකි යැයි මම සිතනවාද? ඔව්, මම හිතන්නේ එහෙමයි. මම ඊශ්‍රායල් අගමැති වරයාට කිව්වා, ”සෙලෙන්ස්කි පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ යුක්‍රේන ජනාධිපතිවරයා සාකච්ඡාවල ප්‍රතිඵලය සාර්ථක වීමට නම්, පවතින ගැටුම රුසියාවේ දෘෂ්ටිකෝණයෙන් පමණක් නොව බටහිර අභිලාශයන්ට අනුවද සමථයකට පත් වූ බවට යුක්‍රේනයට යම් “ආරක්ෂක සහතිකයක්” අවශ්‍ය වනු ඇතැයි පැවසුවේය. ඊශ්‍රායලයට ඒ සම්බන්ධයෙන් ඇපකරුවෙකු ලෙස ක්‍රියා කළ හැකි යැයි යුක්‍රේන ජනාධිපතිවරයා අවධාරණය කළේය.
මේ වන විට රුසියානු සහ යුක්රේන දූත කණ්ඩායම් බෙලරුසියාවේදී තුන් වතාවක් රැස්වී පවතින ගැටුම පිළිබඳව සාකච්ඡා කර ඇත. සටන් පවතින ප්‍රදේශ වලින් සිවිල් වැසියන් ඉවත් කිරීම සඳහා මානුෂීය කොරිඩෝවක් ඇති කිරීම සම්බන්ධයෙන් යම් අවබෝධයකට පැමිණීම හැරුණු විට, කිසිදු ප්‍රත්‍යක්ෂ ප්‍රතිඵලයක් ලබා ගැනීමට දෙපාර්ශ්වයම මේ දක්වා අපොහොසත් වී තිබේ.
පසුගිය බ්‍රහස්පතින්දා(10) තුර්කි රාජ්‍යයෙඔ නිවාඩු නිකේතන නගරයක් වන ඇන්ටාලියාහිදී මේ දක්වා සාකච්ඡා සඳහා දෙරටෙන්ම සහභාගි වූ ඉහාළම රාජ්‍යතාන්ත්‍රිකයන් සහභාගි වූ අතර ඒ සාඳා රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් සහ යුක්‍රේන විදේශ ඇමති ඩිමිට්‍රෝ කුලේබා සාකච්ඡා සඳහා සහභාගි විය. මෙම සාකච්ඡා ද නිශ්චිත තීරණයකින් තොරවම හමාර විය. කුලේබා එම සාකච්ඡාවේ ප්‍රතිඵල “දුෂ්කර” ලෙස විස්තර කළ අතර ලැව්රොව්, යුක්රේන නිලධාරීන් “නව ආකෘති නිර්මාණය කිරීම සමඟ ගිවිසුම් ක්‍රියාත්මක කිරීමේ සැබෑ කාර්යය ආදේශ කිරීමට සැමවිටම අවශ්‍ය බව” කියා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...