පුරවැසි කොලම

“රජයේ වෙනත් වනාන්තර”, ඉඩම් කොමසාරිස් ජනරාල්වරයාගේ පාලනයට සහ ඉන් අනතුරුව ප්‍රදේශීය ලේකම්වරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ පාලනයට පැවරීමට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය විසින් අභියාචනාධිකරණයේ පැවරූ නඩුව පසුගියදා විභාගයට ගන්නා ලදි.

පරිසර යුක්ති කේන්ද්‍රය, හේමන්ත විතානගේ, දිලෙන පාත්‍රාගොඩ, වනසංරක්ෂණ නිලධාරීන්ගේ සංගමයේ ලේකම් එඩ්වින් රාගල්, වනජවී නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ඉමේෂ් ගුණතිලක බණ්ඩාර, මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන්ගේ සංගමයේ සභාපති අජිත් රත්නසිරි රණවක යන අය පෙත්සම්කරුවන් ලෙස සඳහන්වන මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා ,ඉඩම් අමාත්‍යවරයා, ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්, වනජීවී සහ වන සංරක්ෂණ කැබිනට් අමාත්‍ය සීබී රත්නායක වනජීවී සහ වනසංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා, වන සංරක්ෂණ ජනරාල්වරයා , පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා, ජනාධිපති ලේකම්වරයා, පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබිණ.

මෙහිදී පෙත්සම්කරුවන් ඉල්ලා තිබුනේ 1/2020 චක්‍රලේඛ්‍ය සහ එම චක්‍රලේඛයේ බලය පිට ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා සහ වෙනත් නිලධාරීන් විසින් ඉන්පසුව නිකුත්කරනු ලබන සියළුම චක්‍රලේඛ අවලංගුකරන ලෙස හා එකී අවලංගු කිරීම සම්බන්ධව ස්ථිර නියෝගයක් නිකුත් කරනතෙක් අදාල චක්‍රලේඛයන්ගේ ක්‍රියාකාරීත්වය තාවකාලිකව අත්හිටුවන ලෙසයි.

මේ කරුණු සම්බන්ධව නඩුව ඉදිරියට ගෙනයෑම සඳහා කරුණු ඉදිරිපත්කල අවස්ථාවේ රජය වෙනුවෙන් විරෝධතා ඉදිරිපත් කිරීමේන අනතුරුව එකී විරෝධතා සම්බන්ධව වාද විවාද කර ලිඛිත දේශන ඉදිරිපත් කරනු ලැබුවා.

ඉන් අනතුරුව අභියානාධිකරණය සිය නියෝගය ප්‍රකාශයට පත්කරමින් කියා සිටියේ පෙත්සම්කරුවන්ට නඩුව ඉදිරියට ගෙන යෑමට අවසරදෙන බවටත් ඉදිරිපත්ව ඇති කරනු සලකා බලා 1/2020 චක්‍රලේඛයට අනුව ඉඩම් කොමසාරිස් වරයාට ක්‍රියාකිරීමට ලබාදී ඇති බලතල නඩුව නැවත විභාගයට ගන්නා දිනතෙක් (එනම් සැප්තැම්බර් මස 01 දින තෙක්) අත්හිටුවන ලෙස අතුරු නියෝගයක් නිකුත් කරන බවයි.

මෙම අතුරු නියෝගය නිකුත් කිරීම වනසංරක්ෂණය සම්බන්ධයෙන් අතිශ්‍ය වැදගත් පියවරක් වන්නේ මෙම චක්‍රලේඛ්‍ය හේතුවෙන් අති විශාල වන ප්‍රදේශක් අනතුරටක් ලක්වී තිබීමයි.

මෙම නියෝගය සමස්ත පරිසරයත් අනාගත පරපුරත් රටේ පරිසරයට ලැදි සියළුදෙනාම ලබන ලද විශේෂ ජයග්‍රහණයක් ලෙසත් සැලකිය හැකිය. මින් ඉදිරියට නැවත දැනුම්දෙනතුරු මෙම වනාන්තර සම්බන්ධයෙන් කටයුතු කිරීමට ඉඩම් කොමසාරිස්වරයාට හෝ ඔහුගේ බලය පිට කටයුතු කරන අයට අවස්ථාවක් නොලැබේ.

මාධ්‍ය අංශය – පරිසර යුක්ති කේන්ද්‍රය

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More