නිදහස ලැබීමෙන් පසු මෙරටේ බිහි වූ කිසිදු ආණ්ඩුවකට මුහුණ දීමට සිදු නොවූ ආකාරයේ බරපතළම සමාජ, දේශපාලන, ආර්ථික ව්‍යසනයකට මුහුණදීමට ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයාටත් ඔහුගේ පාලනයටත් සිදු වූ බව පුන පුනා කිව යුතු නැත. ඉකුත් 16 වනිදා ජාතිය අමතා කතා කළ ජනාධිපතිවරයා විසින්ද එම කරුණ අවධාරණය කර තිබිණි.
අද මා ඔබ අමතන්නේ අභියෝගාත්මක අවස්ථාවකයි. ඔබගේ එදිනෙදා ජීවිතයට අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් සහ මිල වැඩිවීම ගැන මට හොඳින් වැටහෙනවා. ගෑස් හිඟකම, ඒ වගේම ඉන්ධන හිඟකම, විදුලිය ඇනහිටීමේ තත්ත්වය, වැනි ගැටලූ මා හොඳින් දන්නවා. පසුගිය මාස දෙක තුළ මහජනතාව විඳි අනේක විධ දුක්කම්කටොලූ ගැනත් මා ඉතා සංවේදීයි. ඒ ගැන කළ හැකි උපරිම දේ කළත් අපගේ පාලනයෙන් බැහැර හේතූන් නිසා එම තත්ත්වය තව දුරටත් පවතින බව මා දන්නවා.’’
තම වරද නොදකින, අනුන්ගේම දොස් දකින කුජිත දේශපාලන සංස්කෘතියක එබඳු නිහතමානී ප‍්‍රකාශයක් සිදු කිරීම අගය කළ යුතුය. එහෙත් අපට එකඟවිය නොහැකි වන්නේ එම තත්ත්වය හා ඒවා තම පාලනයෙන් බැහැර හේතූන් නිසා සිදුවූ දේවල් ලෙස දැක්වීම පිළිබඳවය. මේ රටේ ජනතාව ගෝඨාභය රාජපක්‍ෂ විධායක ජනාධිපති පුටුවේ වාඩි කරවීම සඳහා හැටනව ලක්‍ෂයක ප‍්‍රබල ජනවරමක්ද එය තවත් බල ගැන්වීම සඳහා තුනෙන් දෙකකට ආසන්න පාර්ලිමේන්තු බලයක්ද ලබාදී එයිනුත් ඔබ්බට ගොසින් යළි 20 වැනි සංශෝධනයකටද අවසර ලබා දී ඇත. යහපාලනයේ දේශපාලන ඇදකුද නැතිකර රට ස්ථාවර කිරීම 20 වැනි සංශෝධනයේ අරමුණ බවද ප‍්‍රකාශ විය. අද ඒ වෙනුවෙන් අත එසවූ බහුතරයක්ම දැඩි කනස්සල්ලකින් කතා කරන බවද පෙනේ. එහෙත් ඒ සියලූ බල ශක්තිය සහිත ප‍්‍රබල ජනාධිපතිවරයෙකු අපට සිටියි. ඒ බලයට අභියෝග කළ හැකි කිසිවෙක්ද නොවෙති. ආණ්ඩුව ඇතුළේම සිට ආණ්ඩුවේ දොස් දුටු සුසිල් පේ‍්‍රම්ජයන්තට මෙන්ම විමල් වීරවංශට හා උදය ගම්මන්පිලටද සිදුවූ සන්තෑසි රටම දනී. ජනාධිපතිවරයාගේ ප‍්‍රතිචාරය අරුත නම් ‘මාගේ තෙද බල නොමදැන මේ විජිතයේ සිටිය නොහැකි බව දැන ගනු යෙහෙකි’ යන්නය.
කෙසේ හෝ වේවා ජනාධිපතිවරයා ජාතිය අමතා කළ කාතවේදී ඉතා ප‍්‍රවේශමින් සඳහන් කළේ තමන් ගන්නා ක‍්‍රියාමාර්ගවල වගවීම භාරගන්නා බවත් එදා මේ අර්බුදය නිර්මාණය කරන්නට දායක වූ අය අද ජනතාව ඉදිරියේ රජය විවේචනය කරන බවත්ය. එසේම ඉදිරියේදී දැඩි තීන්දු ගැනීමට අදිටන් කරගෙන සිටින බවද ඔහු අවධාරණය කළේය. එහි කිසියම් සත්‍යයක් තිබේ. මේ දේශපාලන කුණපය නඩත්තු කරමින් ඉදිරියට රැගෙන එන ලද්දේ ජයවර්ධන ජනාධිපතිවරයාත් ඉන්පසු එම ධුරයට පත්වූ රණසිංහ පේ‍්‍රමදාස, චන්ද්‍රිකා කුමාරතුංග, හා මහින්ද රාජපක්‍ෂ ද විසිනි. 2015 දී එම ධුරයට පත්වූ මෛත‍්‍රිපාල සිරිසේන එයට යහපත් ප‍්‍රතිසංස්කරණයක් සිදු කළේ 19 වැනි සංශෝධනය මගිනි. එහෙත් එය ඒ ආණ්ඩුවේම සිටි දේශපාලන කෞටිල්‍යලා නිසා විකෘතියක් විය. ගෝඨාභය ජනාධිපතිවරයාගෙනකද ඒ 1978 ව්‍යවස්ථාව වෙනස් කරවා ගැනීමේ අපේක්‍ෂාවක් ජනතාවට විය. එසේම ඔහුගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයෙහිද නව ව්‍යවස්ථාවක් හඳුන්වා දෙන බව සහතික වී ඇත. සෞභාග්‍ය දැක්මෙහි සඳහන්ව ඇත්තේ 19න් නැති අවුල් ඇති වූ බවය. විමල් හා ගම්මන්පිල දෙදෙනාට අනුව නම් ජනාධිපතිවරයා අලූත් ව්‍යවස්ථාවක් ගැන එතරම් උනන්දුවක් නැත. අපට දැන්ම ඒ ගැන ස්ථීරව කිසිවක් කීමටද නොහැක. තවත් වසර තුනකට ආසන්න කාලයක් ආණ්ඩුවට ඉතිරිව තිබෙන හෙයිනි.
කෙසේ වුවත් අද ආණ්ඩුව හිර වී සිටින්නේ බිහිසුණු සමාජ ආර්ථික හා දේශපාලන අර්බුදයක බව නිසැකය. එහෙත් එය ආණ්ඩුවේ පාලනයෙන් ගිලිහී ගියේ ඔවුන්ගේ අවිධිමත් ආර්ථික කළමනාකරණය නිසා බවද කිව යුතුය. ආර්ථික සමෘද්ධිය අහසින් කඩා වැටෙන්නක් නොව විධිමත් හා සාධනීය ආර්ථික ප‍්‍රතිපත්තියක් අනුව ක්‍ෂාත්ක්‍ෂාත් කරගත යුත්තකි. ඉවක් බවක් නොමැතිව මුදල් අච්චු ගැසීමත්, මූල්‍ය පාලනය විධිමත් නොවීමත් නිසා රට හිරවූයේ ආර්ථික අවුලකය. ජනාධිපතිවරයාට දේශපාලනයේ කළ පුරුද්ද හා පළපුරුද්ද ඇති තමන්ගේම සහෝදරයකු වන අගමැතිවරයෙක් සිටියි. තවත් ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් වන චමල් රාජපක්‍ෂද ඔහුගේම දෙටු සහෝදරයෙකි. අගමැති මහින්දගෙන් මුදල් ඇමැතිකම භාර වූයේද ඔහුගේම බාල සහෝදරයා වන බැසිල්ටය. මේ නිසා කැබිනට්ටුවේ රාජපක්‍ෂ ආධිපත්‍ය ගැන විවාදයක් නැත. අගමැති පුත් නාමල් රාජපක්‍ෂද එහි සිටියි. එනිසා වසර දෙකක අවෑමෙන් රටේ ආර්ථිකය නන්නත්තාර වීමේ වගකීම ද ආණ්ඩුව සතුවූවකි. ඒ කාලය තුළ ආණ්ඩුව මුහුණ දුන් බාහිර උවදුර කෝවිඞ් වසංගතය පමණි. එය නිසි ලෙස කළමනාකරණය කර ගැනීමටද ආණ්ඩුව සමත්විය. කෝවිඞ් 19 අපට පමණක් නොව අපේ කලාපයටත් ඇමෙරිකාවට හා යුරෝපයටත් හඹා ගිය විපතකි. එහෙත් අප හැර අන් හැම රටක්ම ඒ විපතට මුහුණදී නැගී සිටි අයුරු පෙනේ. එසේනම් අපට කොතැනක හෝ වැරදී තිබේ.
අපගේ වැටහීම අනුව නම් දැන් ආණ්ඩුවට ඒ වරද තේරුම් ගොස් තිබේ. අයි. එම්. එෆ්. පැත්තවත් නොබැලිය යුතුය යන දැඩි ස්ථාවරයද දැන් වෙනස්ව ඇත. මහ බැංකු අධිපතිවරයාගේ අහංකාර ස්වරයේද රැස් ගොසින්ය. පොහොට්ටුවේ ඇමැතිවරුන්ගේ (සියල්ලන්ගේම නොවේ) සප්ත මස්ථික අමාත්‍ය බැසිල් රාජපක්‍ෂගේ මමංකාරය හීනවී තිබේ. එමතුද නොව කැබිනට්ටුවේම සිටි විමල්, උදය හා වාසු ඔහුට අවලස්සන ඇමෙරිකානුවා යැයිද නමක් පටබැඳ තිබේ. එහෙත් ආර්ථිකය මෙහෙයවීමේ යතුර නම් තවමත් ඔහු අතේය. ඒ ගැන අපට ගැටලූවක් නැත. එහෙත් මේ ගමනේ අවසානය කුමක්ද? රටේ ඉරණම කුමක්ද? විමල්ලා කියන්නාක් මෙන් අපට අපේ රටේ බහුතරයකට ඇත්තේද මේ ලක්බිම පමණි. අපේ සදාදරණීය මව්බිම මේ ලංකාවමය. එනිසා එය සුරකින්නට භාර දුන් අය කවුරුන් වුවද ඔවුන් අතින් මෙය වැනසෙන්නට ඉඩ දීමට අප කිසිවෙකුට නොහැකිය.
ජනාධිපතිතුමනි, ඔබතුමා පැහැදිලිවම සඳහන් කළ පරිදි අපි ඉතිහාසයේ විවිධ අවස්ථාවල වැටී යළි නැගී සිටි ජාතියක්මු. මහා සාගත ස්වභාවික විපත් ත‍්‍රස්තවාදය ආදී නොයෙක් උවදුරුවලට මුහුණ දී අපි නැගී සිටියෙමු. රට වෙනුවෙන් මුහුදට බිලිවූ විහාරමහාදේවිය වැනි අභීත ලියක් ගැන වෙන කොතැනක හෝ ඉතිහාසයක සඳහන් වී තිබේද. වෙල්ලස්සේ අපේ උරුමය වෙනුවෙන් දිවි පිදූ වීරයෝ කොපමණ සිටිත්ද? ඒ ජාතික අරගලවලින් පිබිදුණු බෞද්ධ සංස්කෘතියෙන් විකසිත වුණු ආධා්‍යාත්මයක් අපට තිබේ. අප සිංහල දෙමළ මුස්ලිම් ලෙස බෙදූ ආක‍්‍රමණිකයන් හඳුනාගෙන මනුෂ්‍යත්වයෙන් දයාර්ද වූ දේශයක් ගොඩනැගීම අපගේ ප‍්‍රාර්ථනාවද විය. අද ලෝකයේ ඇත්තේ ශිෂ්ටාචාරයන්හි ගැටුම් විනා මනුෂ්‍යත්වයට එරෙහිවූ ගැටුම් නොවන බව අපි තේරුම් ගෙන සිටිමු.
ඉන්දියාවේ ශ්‍රේෂ්ඨ දේශපාලන නායකයකු වූ ජවහර්ලාල්නේරු වරක් ප‍්‍රකාශ කළේ එක් මිනිසෙක් තවත් මිනිසකුගේ වහලෙක් හෝ එක් ජාතියක් තවත් ජාතියක වහලූන් බවට හෝ පත් නොවිය යුතු බවය.
අපට නිදහස දුන් අධිරාජ්‍යවාදීන්ට ද අපසතු අභිමානය, සංස්කෘතික ආඪ්‍යත්වය පෙනුණි. ඔවුහු අකමැත්තෙන් හෝ අපිට නිදහස ලබා දුන්හ. එහෙත් ඒ නිදහසින් පසු ගෙවී ගිය හැත්තෑ තුන් වසරකට වැඩි කලක් මුළුල්ලේත් අපට සමාජ ආර්ථික දේශපාලන ශිෂ්ටාචාරයක් ගොඩ නගාතත නොහැකි විය. වරද අප ඒ කටයුත්ත භාර කළ දේශපාලනඥයන්ගේ මිස ජනතාවගේ නොවේ. එහෙත් ජනතාව හැමදාමත් අපේක්‍ෂා කළේ මේ රට මෙහෙයවිය හැකි දේශපාලන සංස්කෘතියක් සහිත නායකත්වයක් රටට ලැබෙනු ඇතැයි කියාය. එහෙත් ඔවුහු සැමදාමත් කතිරය ගසා ළතවූවෝ බව නිසැකය. මේ 1966 ‘‘බජරිහටන’’ පුවත්පෙතහි පළ වූවකි.
අද මේ ආර්ථික අර්බුදයට මැදිවූ ජනතාව අතරින් ඇසෙන්නේ ද ඒ හා සමාන විවේචන, පමණක් නොව ඊටත් එහා ගිය දෙස් දෙවොල් තැබීම්ය. ඒවා පපුවෙන්ම මතු වූ හැඟීම්, වේදනාවන් මිස කවුරුන් හෝ ලියා දුන් සටන්පාඨ නොවීමද විශේෂයෙන් වැදගත්ය. මේ එසේ කනට ඇසුණු දාහක් දෙයින් එකකි. ”උදේට පෝලිමේ – දවල්ට හාමතේ – ?ට කළුවරේ’’. මෙහි කිසිම අතිශයෝක්තියක් නැත.
ඇත්තවශයෙන්ම මේ දුක නැතිකිරීමට ඩොලර් හිඟය නැති කළ යුතුය. මේ චක‍්‍රය සංසාර චක‍්‍රය වගේ වුවත් අපේ භෞතික ජීවිතයට එදිනෙදා ජීවත් වීමට අවශ්‍ය වන්නකි. එය මෙසේ සම්පිණ්ඩනය කළ හැකිය. ඩොලර් නැති නිසා ඉන්ධන නැත. ඉන්ධන නැති නිසා විදුලිය නැත. ගෑස් නැත. ඒ නිසා ආහාර නැත. කුලියක් මලියක් කර ගැනීමට ඉඩක් නැත. වැඩබිමේ කම්හල් ආපනශාලා වැසී ඇත. කහට කෝප්පයක් බීමට තරම් මගක් නැත. මගී ප‍්‍රවාහන සේවා නැත. පාන් ගෙඩියේ සිට හැම දෙයක්ම හිඟය. ඊටත් වඩා හැම භාණ්ඩයකම මිල අහසේය. හෙට අනිද්දා තවත් භාණ්ඩ මිල ඉහළ දැමීමේ සූදානමක් ද ඇත. ඒ විදුලි බිල හා ජල බිලය. ඉහළ දමා තිබෙන කිරිපිටි මිල ගණන් දෙස බලන විට ඒවාට නිසැකයෙන්ම සාමාන්‍ය ජනතාවට ළංවීමට නොහැකි බව පැහැදිලිය. ගෑස් මිල ඉහළ දැමීමට කෙරෙන ඉඟි කිරීම් අනුව නම් බොහෝ දෙනකුට ඒ මිල ද දරාගත නොහැකි බවද පෙනේ. ඇත්ත වශයෙන්ම අද මිනිස් ජීවිතවල වටිනාකම හැර අනෙක් හැම දෙයකටම ඉහළ මිලක් නියම වෙමින් තිබේ.
බඩු මිල ගැන කතා කිරීමට ඇමතිවරුන්ට ධෛර්යක් නැත. ඒවා ඒ තරමටම ඔරොත්තු නොදෙන ජනතාව හිඟමනට පත් කරන සාහසික මිල ඉහළ දැමීම්ය. කුමක් වුවත් මේ අර්බුදයට ආණ්ඩුවට කිසිදු විසඳුමක් නැත. ඒ තබා ආනයන භාණ්ඩ රැගෙන එන නැව්වලට අදාළ ගාස්තුව ගෙවීමට බැරි තරමටම ආණ්ඩුව බංකොලොත් දැයි ඇසීම වැරදි නැත. දයාසිරි ජයසේකර රාජ්‍ය ඇමැතිවරයාට අනුව ජනාධිපතිවරයා වටකරගෙන ඇත්තේ රස්තියාදුකාරයන්ය. බොරු ප‍්‍රශස්තිකාරයන්ය. පසුගියදා ඇතිවූ රසායනික පොහොර අවුලට ද වගකිව යුත්තේ විශේෂඥ වෛiවරයෙක් බවද ඔහුගේ චෝදනාව විය.
මේ ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම අතිශය දුෂ්කර බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්, විශේෂ වරප‍්‍රසාදිත පුද්ගලයන් මෙහිදී කෙබඳු කැපවීමක් කරන්නේ ද යන්න ගැන රටම නොදනී. ජනාධිපතිවරයාගේ ජාතිය ඇමතීමේදීවත් ඒ ගැන සඳහනක් නොවීය. ජනතාව පෝලිම්වල මැරී වැටෙන තරමට දරුණු වාතාවරණයක සුඛෝපභෝගී වාහනවල පාවෙන මැති ඇමැතිවරු ද සිටිති.
පසුගියදා මාධ්‍ය වාර්තා කළ රථ පෙළපාලිය මේ වෙලාවේ නොකළ යුතුව තිබුණු දෙයකි. ”අනේ අපි ඕවාට නෑ”යි ඇමැතිවරුන් කීවත් ඒ පුවත රූපවාහිනියේ දුටු අයට නම් පොලිස් රැකවරණ මැද ගමන් කළ ප‍්‍රභූ වාහන ද දැකගත හැකි විය. මෙබඳු සංදර්ශන සැණකෙළිවලට ඉඩ දීම බරපතළ වරදකි.
මේ අතර අද පැවැත්වීමට යෝජිත සර්ව පාක්ෂික සමුළුව පිළිබඳව ද විවිධ විවේචන ඇසෙයි. ජවිපෙ නායක අනුර දිසානායක මෙයට සහභාගි නොවන බව පවසා තිබෙන්නේ එය ප්‍රෝඩාවක් ලෙස හඳුන්වමින්ය. ඔහුට අනුව ඒ සමුළුව පොහොට්ටුවේ හා ශී‍්‍රලනිප මතභේද සමනය කර ගැනීමටය. එසේම ඔහුට අනුව රටේ ආර්ථිකය ගැන සියල්ල සඟවා දැන්
ගිනිගොඩක ජනතාව දැවෙද්දී සර්ව පාක්ෂික සමුළු පැවැත්වීම නිෂ්ඵලය. උදය, විමල් හා වාසුද එයට එක් නොවෙති. එහෙත් තම පක්‍ෂ 11 වෙනුවෙන් අතුරලියේ රතනහිමි හා මහාචාර්ය තිස්ස විතාරණ එයට සහභාගි කරවන බවද උදය ගම්මන්පිල පවසා තිබේ. මේ අතර සමගි ජන බලවේගයද සර්ව පාක්‍ෂික සමුළුවට සහභාගී නොවීමට තීරණය කර ඇත.
අද මේ රටේ දේශපාලන පක්‍ෂ නම් වසයෙන් දුසිම් හත අටක් තිබුණත් ඒවායේ ඡන්ද පදනම ජාතික දේශපාලන මැදිහත්වීම් ඉතා අඩුය. ප‍්‍රධාන දේශපාලන පක්‍ෂ ලෙස මෙතෙක් එ. ජා. ප. ය හා ශ‍්‍රී. ල. නි. පය කැපී පෙනේ. අද පොහොට්ටුව ශ‍්‍රී. ල. නි. පය පෙරළා ඉදිරියට පැමිණ තිබුණත් එහි අනාගතය නිශ්චය වන්නේ ඊළඟ මහ මැතිවරණයෙන්ය. ඒ නිසා සර්ව පාක්ෂික සමුළුවකින් රටට හෝ ආර්ථිකයට ඵලදායී සැලසුමක් සකසා ගත හැකිද යන්නත් කිව නොහැක. කුමක් වුවත් අද මේ රටේ තිබෙන ණයට කෑම, විකුණගෙන කෑම හා හොරා කෑම යන නීච කි‍්‍රයාදාමය වෙනස් කරන තෙක් අපට හෙටක් නැති බව නම් පැහැදිලිය. හැම ආණ්ඩුවක් යටතේම හොරු නිරුපද්‍රිතව සිටිත් නම්, ජාවාරම්කාරයෝ ගසා කත් නම් හොරුන්ට, තක්කඞීන්ට, ගංගා ඇළ දොළ හා වනාන්තර වනසන උන්ට සෙවණ දෙන මැති ඇමැතිවරු සිටිත් නම් එබඳු රටක ඉරණම කුමක් දැයි කිව යුතු නැත. දසක කීපයක් නඩත්තු කළ දූෂිත, ගර්හිත, අමන දේශපාලන ක‍්‍රමය වෙනස් නොකර හෙටක් ගැන සිතීම පවා අසීරු බව, මෙරටේ සිටි කීර්තිමත් රාජ්‍ය නිලධාරියකු වූ ගාමිණී විජේසිංහ (හිටපු විගණකාධිපතිවරයා)
පසුගිය දිනක පවසා තිබුණි. මේ පාදඩ දේශපාලනයත් ඔවුන්ට ඡන්දය දෙන ජනතාවටත් ඔහු නිර්දය ලෙස දොස් නැගීය. එනිසා අද අපට වුවමනා අලූතින් හිතන, දෙස බස, රැස සුරකින වියතුන් හා මේ මව්බිමට ආදරය කරන නායකයන්ය. එබඳු ජාතික, ආර්ථික සැලසුම්ය.
ගාමිණී සුමනසේකර
(උපුටා ගැනීම දිවයින)
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...