රුසියාවේ හිටපු ජනාධිපති මෙන්ම රුසියානු ආරක්ෂක කවුන්සිලයේ නියෝජ්‍ය සභාපති දිමිත්‍රි මෙද්වදෙව් මහතා රුසියානු මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ “ඒක ධ්‍රැවීය දේශපාලන ලෝකය අවසන් වී ඇති බවයි.
ඇමරිකානුවන් තවදුරටත් පෘථිවිය නැමැති ග්‍රහලෝකයේ ස්වාමිවරුන් නොවන්නේ යැයි දීර්ඝ ලෙස පැහැදිලි කළ හිටපු රුසියානු ජනාධිපතිවරයා “රුසොෆොබියා ” සම්බන්ධයෙන්ද අදහස් දැක්වීය.
බටහිර රටවල හැසිරීම සම්බන්ධයෙන් මෑතකාලයේදී දිමිත්‍රි මෙද්වදෙව් මහතා කල දැඩි හා උත්ප්රාසාත්මක ප්‍රකාශයන් හේතුවෙන් ඔහු ප්‍රසිද්ධියට පත් විය. යුක්රේනයේ මොස්කව් මිලිටරි ප්‍රහාරය දියත් කිරීමෙන් පසු වර්ධනය වී ඇති රුසියානු විරෝධී හැඟීම්, “එක දෙයක් කියූ සහ වෙනත් දෙයක් කළ” දේශපාලකයින්ගේ සහ රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ කුහක බව ඔවුන්ගේ සුදු දත් පෙන්වා නගන සිනහව තුල පසුගිය වසර 30 පුරා සැඟවී ඇති බව තහවුරු වන්නේ යැයි දිමිත්‍රි මෙද්වදෙව් මහතා අවධාරණය කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...