කටාර් රාජ්‍යයේ නිෂ්පාදිත ගෑස් මගින් යුරෝපයේ ගෑස් අවශ්‍යයතාවය සපුරාලනු ලබන රුසියානු ගෑස් ඉක්මනින් ප්‍රතිස්ථාපනය කළ නොහැකි බව, කටාර් බලශක්ති අමාත්‍ය සාද් අල්-කාබි මහතා පැවසූ බව විදෙස් මාධ්‍යය වාර්තා කර සිටියි.
සාද් අල්-කාබි මහතාට අනුව, එය වසර ගණනාවක් ගත වන ක්‍රියවලියකි. කෙටි කාලීනව රුසියාවේ සැපයුම් වෙනුවට ආදේශ කළ හැකි කිසිවක් ලෝකයේ කිසිදු රාජ්‍යයක් සතුව නැති බව ඔහු අවධාරණය කළ බව විදෙස් මාධ්‍යය පවසා සිටී.
“අද රුසියාව නොමැතිව යුරෝපයේ ගෑස් අවශ්‍යතාවය පිරිමසා ගත හැකි බව පැවසීම හාස්‍යජනක ප්‍රකාශයක්. කටාර් හෝ වෙනත් රාජ්‍යකට යුරෝපයේ රුසියානු ගෑස් සැපයුම ප්‍රතිස්ථාපනය කළ හැකි යැයි කිසිවෙකු හෝ පවසන්නේ නම් එය එය විකාර ප්‍රකාශයක්. මෙය කිසිසේත් සිදු නොවනු ඇත.” ඔහු ජර්මානු පුවත් පතක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් වැඩිදුරටත් අවධාරණය කර ඇත.
එහිදී සාද් අල්-කාබි මහතා තහවුරු කර ඇත්තේ කටාර් සහ ජර්මනිය දිගුකාලීන බෙදාහැරීම් සඳහා එකඟ වී ඇති බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරන බවයි.එම සාකච්ඡාවේදි ඔහු පෙන්වා දී ඇත්තේ කටාර් රාජ්‍යය නිපදවන ඛනිජ තෙල් සහ ගෑස් ආශ්‍රිත නිෂ්පාදන වලින් සැලකිය යුතු පරිමාවක් යුරෝපීය වෙළඳපොළට සැපයීමට හැකි වන්නේ 2025 වර්ෂයේ සිට පමණක් බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...