විදේශ පුවත්

පෝලන්තයට පැමිණ සිටින අමෙරිකානු ජනාධිපතිවරයා, ව්ලැදිමීර් පුටින්ට තවදුරටත් රුසියානු ජනාධිපතිධූරයේ රැඳී සිටිය නොහැකි බවට කල ප්‍රකාශයක් සම්බන්ධයෙන් රුසියාවේ ජනාධිපතිධූරය සම්බන්ධයෙන් අමෙරිකාව සහ රුසියාව අතර මේවනවිට මතගැටුමක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ධවල මන්දිරය ක්ෂණික ප්‍රතිචාරයක් දක්වමින් ප්‍රකාශ කර තිබුණේ අදාළ ප්‍රකාශයෙන් ජනාධිපති ජෝ බයිඩ්න් අදහස් කළේ රුසියානු පාලන තන්ත්‍රයේ වෙනසක් පිළිබඳව නොවන බවයි. බලය තිබූ පමණින් අසල්වැසි රටවලට හෝ කලාපයට බලපෑම් එල්ල කිරීමට රුසියානු ජනාධිපතිවරයාට නොහැකි බව පමණක් ජනාධිපති ජෝ බයිඩ්න්ගේ අදහස් වූ බවයි ධවල මන්දිරය සඳහන් කර ඇත.

කෙසේවෙතත් අමෙරිකානු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සඳහා රුසියාවේ ජනාධිපති මන්දිරය වන ක්‍රෙම්ලිනය පවසන්නේ රුසියානු ජනාධිපතිවරයා කවුරුන්ද යන්න අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් තීරණය කළ යුතු දෙයක් නොවන බවත් එය රුසියානු ජනතාවගේ තේරීමක් හා තීරණයක් පමණක් බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More