නියෝජ්‍ය අමාත්‍යවරයකුට වාහනයක් ලබාගැනීම, රාජ්‍ය අමාත්‍යවරයකුගේ කාර්යාල නඩත්තුවට සහ තවත් රාජ්‍ය අමාත්‍යවරයකුගේ නිල නිවස අලුත්වැඩියා කිරීම ඇතුළු කරුණු කිහිපයක් වෙනුවෙන් රුපියල් නවකෝටි හැට ලක්ෂ හතළිස් දෙදහසක (96042000) වියදම් කළ මුදල් ලබාගැනීම සඳහා වූ පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට අද (19) ඉදිරිපත් කළේය.
ජාතික සහජීවන සංවාද හා රාජ්‍ය භාෂා නියෝජ්‍ය අමාත්‍යවරයාට වාහනයක් මිලදී ගැනීම සඳහා රුපියල් හාර කෝටි තිස් ලක්ෂයක් (43000000) ද, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය වෙනුවෙන් අලුතින් පත්කරන ලද රාජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලයේ වියදම් වෙනුවෙන් අතිරේක ප්‍රතිපාදන සැලසීම සඳහා රුපියල් හාර කෝටි හැට ලක්ෂ හතළිස් දෙදහසක්ද, (46042000) විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ ශබ්ද පද්ධතිය ස්ථාපිත කිරීම සහ රාජ්‍ය අමාත්‍යවරයාගේ නිල නිවස නවීකරණය කිරීම සඳහා වන වියදම් වෙනුවෙන් රුපියල් හැත්තෑ ලක්ෂයක්ද, (7000000) වියදම් කිරීම වෙනුවෙන් වූ ප්‍රතිපාදන පියවීම සඳහා මෙම මුදල් ඉල්ලා ඇත.
ආණ්ඩු පක්ෂ සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා විසින් මෙම පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...