මාස 3 ක් ඇතුළත සිංහරාජ වනාන්තරයේ සිටින වන අලින් සම්බන්ධයෙන් විසඳුමක් ලබා දිමට රජයෙන් සහයක් නොලැබුනහොත් තමා අමාත්‍යධූරයෙන් ඉවත් වන බව වනජීවි අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
වන අලීන් සම්බන්ධයෙන් අද(19) රඹුක රජවත්ත විහාරස්ථානයේ පැවති සාකච්ඡාවකදි අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.
සිංහරාජ වනාන්තරයේ දැනට ඉතිරිව සිටින තෙත් කලාපීය වන අලින් දෙදෙනා හොරොව්පතාන ප්‍රදේශයේ රක්ෂිතයට ගෙනයාමට සැලසුම් කොට ඒ සඳහා මෙහෙයුමක් ආරම්භකෙරුණේ ඉකුත් 14 වැනිදායි.
කෙසේ වෙතත් එම වන අලින් දෙදෙනා ඉන් පිටමං කිරීම සඳහා දියත් කළ මෙහෙයුම ජනපති නියමයෙන් නැවැත්වූ වීමට ඉකුත් ඉරිදා තිරණය කෙරුණි.
මේ අතර වනජීවි අමාත්‍ය සරත් ෆොන්සේකා හා නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහත්වරුන් අද රඹුක රජවත්ත විහාරස්ථානයට පැමිණ වන අලි තර්ජනයට ලක් වි සිටින ප්‍රදේශවාසින් හමුවි සාකච්ඡාවක් ද කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...