මධ්‍යම පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 10 දෙනෙකු අද (19) ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහාය ලබා දෙන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීම යටතේ කටයතු කරන බවත් පැවසූහ.
මධ්‍යම පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී ඔවුහූ මෙම තීරණය මාධ්‍ය වෙත ප්‍රකාශ කළහ.
මධ්‍යම පලාත් සභාවේ සංයුතිය ආසන 58ක් වන අතර මෙම ඉවත් වීම සමග මහ ඇමතිවරයාට සිය බහුකරය පවත්වාගෙන යාම අසීරු වනු ඇත. එක්සත් ජාතික පක්ෂයේ 16ක්, ලංකා කම්කරු කොංග්‍රසය 06ක්, මුස්ලිම් කොංග්‍රසය 02ක්ද සභාව නියෝජනය කරති.
මෙම මාධ්‍ය හමුවට පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති ආර්.එම්.එස්.බී රත්නායක, පළාත් සභා මන්ත්‍රිවරුන් වන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, නිමල් පියතිස්ස , ගුණතිලක රාජපක්ෂ , කමල් බෙලිගොල්ල , වීරසිංහ අලුත්ගමගේ , ටී.ජී ජයතිස්ස , ජී . ජයසිංහ , තිලක් බණ්ඩාර , පරාක්‍රම දිසානායක යන පළාත් සභා මන්ත්‍රීවරුන් මෙලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහාය ලබා දෙන බව ප්‍රකාශ කළහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...