පාස්කු ප්‍රහාරකයින්ට දඬුවම් ලබාදිය හැක්කේ තමාගේ පමණක් බවට ජාතික ජ වි පෙ නායක අනුර කුමාර දිසානායක විසින් සිදු කළ ප්‍රකාශය පිළිබඳව ලංකා ලීඩ් වෙබ් අඩවිය ජාතික සංවිධාන වල මතය විමසූ විට එම සංවිධානයේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර අදහස් දක්වමින්,
“ජනතා විමුක්ති පෙරමුණ දැන් සර්ව ආගමික එන් ජී ඕ එකක් බවට පත් වෙලා.එම පක්ෂය තුල නිරාගමිකයෝ,බෙදුම්වාදීන්,ආගමික අන්තවාදීන් ආදී සියලු ජාතියේ කණ්ඩායම් වලට ඉඩ තිබෙනවා.පාස්කු ප්‍රහාරයට වග කිව යුතු සහ ඊට මුදල් යෙදවූ ප්‍රභලතම පුද්ගලයෙකු වූ ඊබ්‍රාහිම්ට ඔවුන් ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධූරයක් පිළිගන්වන්නේ ඒ නව ප්‍රතිපත්තිය යටතේයි. ඔවුන් ඉස්ලාම් අන්තවාදයට එරෙහිව වචනයක්වත් කතා කරන්නේ නැහැ.අඩු ගණනේ ඉස්ලාම් අන්තවාදයට හේතුවන සාධක සමාජයෙන් ඉවත් කිරීම සඳහා ඔවුන්ද දායක වූ පාර්ලිමේන්තු ආංශික කාරක සභාවේ යෝජනා ක්‍රියාත්මක කරන්න කියා ඔවුන් ඉල්ලන්නේ නැහැ.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...