දේශීය පුවත්

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමෙන් වැඩි මිලට බැඳුම්කර මිලදී ගැනීම සඳහා විශ්වවිද්‍යාල අර්ථ සාධක අරමුදලෙන් රුපියල් කෝටි 88 ක මුදලක්‌ යොදවා ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්‍ෂ කීර්ති තෙන්නකෝන් මහතා ඊයේ (20 වැනිදා) අනාවරණය කළේය.

මෙම ගනුදෙනුව නිසා විශ්වවිද්‍යාල අර්ථසාධක අරමුදලට සිදුව ඇති පාඩුව රුපියල් දශලක්‍ෂ 140 ක්‌ පමණ වන බවද ඒ මහතා කීවේය.

කොළඹ පැවැති පුවත්පත් සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කළ තෙන්නකෝන් මහතා පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම රුපියල් 112 බැගින් මිලදී ගත් බැඳුම්කර විනාඩි කිහිපයක්‌ ඇතුළත රුපියල් 121 බැගින් විශ්වවිද්‍යාල අර්ථ සාධක අරමුදලට අලෙවි කර ඇතැයි ද පැවසීය. එම විනාඩි කිහිපය තුළ සමාගම එක්‌ බැඳුම්කරයකින් ලබා ඇති ලාභය රුපියල් 9 ක්‌ යෑයිද හෙතෙම පැවැසීය.

මෙම පාඩුව පියවා ගැනීම සඳහා ප්‍රතිලාභීන් වෙත ගෙවන පොලිය සියයට 15 සිට සියයට 10.5 දක්‌වා අඩුකර ඇතැයිද මෙම තත්ත්වය මත විශ්වවිද්‍යාල අර්ථ සාධක අරමුදලේ රුපියල් ලක්‍ෂ පනහක ශේෂයක්‌ පැවැති සාමාජිකයකුට සිදුවන පාඩුව රුපියල් හත්ලක්‍ෂයක්‌ පමණ යෑයිද විධායක අධ්‍යක්‍ෂවරයා පැවැසීය.

විශ්වවිද්‍යාල අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්‌ඩල සාමාජිකයෝ පහළොස්‌ දහසකට අධික පිරිසක්‌ මෙම අරමුදලට දායක වී සිටිති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More