විදේශ පුවත්

සංක්‍රමණික අර්බුදය සම්බන්ධයෙන් සිය නවතම අදහස් දක්වමින් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කරන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය සංක්‍රමණික කඳවුරක් බවට පත්කිරීමට තමන් ඉඩ නොතබන බවයි.

ඇමෙරිකාවට පැමිණෙන සංක්‍රමණිකයන් කපා හැරීමේ ඔහුගේ දැඩි ක්‍රියාමාර්ග හමුවේ පසුගිය සතියේ ජනපති ආර්යා මෙලානියාගෙන්ද යම් චෝදනාවක් එල්ල වුවත්, ට්‍රම්ප් තම පියවරින් අඩියක් හෝ පසුපසට ගෙන නොමැති බව මින් හැඟවෙයි.

“ඇමෙරිකාව සංක්‍රමණික කඳවුරක් විය යුතු නැහැ. ඒ වගේම, සරණාගතයන් රඳවා ගන්නා ස්ථානයක් විය යුතුත් නැහැ. එය කිසිසේත්ම සිදු නොවිය යුතුතක්” ධවල මන්දිරයේ සිට මාධ්‍ය අමතමින් ට්‍රම්ප් පවසා සිටියේය.

විශේෂයෙන්ම ගොඩබිම් මාර්ගයෙන් ඇමෙරිකාවට සංක්‍රමණය වන පිරිස් අත්අඩංගුවට ගැනීමේදී ඔවුන්ගේ දරුවන් සිය පවුල්වලින් බෙදීවෙන්වීම සම්බන්ධයෙන් කතාබහක් ඇති වූ අතර, ජනපති ආර්යාවද කියා තිබුණේ දරුවන් කිසිසේත්ම සිය පවුල්වලින් වෙන් නොකළ යුතු බවකි.

නමුත්, සිය ජනාධිපතිවරණ මැතිවරණ පොරොන්දු ප්‍රකාරව ඇමෙරිකානු සංක්‍රමණික ප්‍රතිපත්තිය දැඩි කරමින් එරටට පැමිණෙන සංක්‍රමණික ජනයා පාලනය කිරීම වත්මන් නායකයාගේ අභිලාෂය වී ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More