හම්බන්තොට වරාය පරිශ්‍රය තුළ දී නාවික හමුදාවට ඉඩකඩ සැපයීම සඳහා ඒ වෙනුවෙන්ම ඉදි කරපු ජැටිය භාවිත කිරීමට හම්බන්තොට වරාය බදු ගත් චීන සමාගම මිලියන 52ක බද්දක් ගෙවන ලෙස ඉල්ලා නාවික හමුදාවට ලිඛිත දැනුම් දීමක් කර ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.
හම්බන්තොට වරාය බදු දීමෙන් ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් එල්ල නොවන බව යහපාලන ආණ්ඩුව පුන පුනා පැවැසුවත් වරාය ජැටිය භාවිත කිරීම වෙනුවෙන් බිලියන 52ක බද්දක් ගෙවන ලෙස දැනුම් දීම තුළම මෙරට ජාතික ආරක්ෂාව අනතුරේ වැටී තිබෙන ආකාරය තහවුරු වන බවද මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය.
නාවික හමුදාව යොදවා හම්බන්තොට වරායට ආරක්ෂාව ලබාදීම වෙනුවෙන් චීන සමාගම නාවික හමුදාවට බදු ගැසීම පිළිබඳව වත්මන් යහපාලන ආණ්ඩුව සමස්ත ජාතියෙන්ම සමාව ගත යුතුව තිබෙන බවද නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...