සිංප්පූරුව සමග අත්සන් තැබීමට නියමිත වෙළෙද ගිවිසුමෙන් මෙරට සේවා අංශයට සිදුවිය හැකි අහිතකර තත්වයන් පිළිබදව වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණ අද අස්ගිරි මහ නා හිමියන් දැනුවත් කළේය. අනතුරුව එහි සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මාධ්‍ය වෙත කරුණු දක්වමින් කියා සිටියේ මෙම වෙළඳ ගිවිසුම සඳහා කැබිනට් මණ්ඩලයේ සම්පූර්ණ අනුමැතිය ලබා ගත්තාද යන සැකයක්ද පවතින බවය.
මෙම වෙළඳ ගිවිසුම රටවල් දෙකක් මිස රජයන් දෙකක් අත්සන් නොකළ බව පෙන්වාදුන් ඔහු වැඩිදුරටත් කියා සිටියේ පාර්ලිමේන්තුවෙහි අනුමැතියකින් හෝ ජනමත විචාරනයකින් තොරව මෙලෙස ගිවිසුම් ගත වීම වැරදි ක්‍රියා පටිපාටියක් බවය.
බැඳුම්කර වංචාවෙන් පසු මෑතකදි සිදුවුනු ලොකුම වංචාව මෙය බව පෙන්වා දෙමින් ඔහු ප්‍රකාශ කලේ ජාතික වෙළඳ ප්‍රතිපත්තිය යන වචනය වෙනුවට නව වෙළඳ ප්‍රතිපත්තිය යන වචනය යොදා මුලු පාර්ලිමේන්තුවම නොමග යැවීමට බලධාරීන් කටයුතු කර ඇති බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...