සම්මුතිවාදී ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දහසය දෙනා ඉදිරි සතියේදී ඒකාබද්ධ විපක්ෂයේ අසුන් ගැනීමට යයි.
ඊයේ (21)නිදහස් මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී එම කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රි ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා මේ බව පැවැසීය.
මේ අතර සම්මුති ආණ්ඩුවෙන් ඉවත් වූ දහසය දෙනාගේ කණ්ඩායමේ නායකයන් ලෙස එස්.බී, දිසානායක හා ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න නම් කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා පවසයි.
මෙම දේශපාලන ව්‍යාපාරයේ අරමුණ මහින්ද රාජපක්ෂ මහතා අගමැති කිරීම බවද මේ ආණ්ඩුව පරාජය කොට නව ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට ටී.එන්.ඒ. ඇතුළු සියලු සුළු පක්‍ෂ දැනටමත් සහාය පළ කිරීමට එකඟව ඇති බවද ඔහු සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...