ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා විමර්ශනය කිරීමේ ජිනීවා යෝජනාව බ්‍රිතාන්‍යය සහ කැනඩාව ලවා ක්‍රියාත්මක කිරීමට ඇමරිකාව ක්‍රියාකරන බව ජිනීවා මානව හිමිකම් කවුන්සලය හෙළිකර ඇත.
ඇමරිකානු රජය මානව හිමිකම් කවුන්සලයෙන් ඉවත්වූවත් ජිනීවා යෝජනාව ගැන ඇමරිකාවේ ස්‌ථාවරය වෙනස් වී නැත.
ශ්‍රී ලංකාවෙන් ඉවත්ව යන ඇමෙරිකානු තානාපති අතුල් කේෂාප් මහතාද ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජයට සහය දක්‌වන බව සඳහන් කර ඇත.
මෙම ජිනීවා යෝජනාව ගැන ඊයේ (21 දා) කරුණු දැක්‌වූ ජිනීවාහි හියුමන් රයිට්‌ස් වොච් සංවිධානය ඇමරිකාව නිරීක්‍ෂකයකු ලෙස ක්‍රියාකරමින් එම යෝජනාව මෙහෙයවන බව අනාවරණය කළේය.
මේ අතර විදේශ කටයුතු රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතා මේ යෝජනාව ප්‍රතිශෝධනයට ලක්‌කරන ලෙස රජයෙන් ඉල්ලා ඇත.
කීර්ති වර්ණකුලසූරිය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...