පොලු මුගුරුවලින් පහර දී කොටියකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පළවූ වීඩියෝ දර්ශන නිරීක්ෂණය කර සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් පොලීසියට නියෝග කර තිබේ.
කිලිනොච්චිය, ආම්බල්කුලම ප‍්‍රදේශයේදී මෙලෙස පහරදී කොටියා ඝාතනය කර තිබුණි. මෙලෙස කොටියෙකු ඝාතනය කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් බව වනජීවි අධ්‍යක්‍ෂ ජනරාල්වරයාද සඳහන් කළේය.
==================================================
දිවියා මැරූ අයට වැඩ වරදී …(Photos/ Video)
කිලිනොච්චිය අම්බාල් කුලම් ප්‍රදේශයේදී ප්‍රදේශවාසීන් එක්ව වඳවී යාමේ තර්ජනයකට ලක්ව ආරක්ෂා කළ යුතු වර්ගයේ දිවියෙකු මරා දැමීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවට උතුරේ පරිසර වේදීහු කියා සිටිති.
පරිසර වේදීහු කියා සිටින ආකාරයට මෙම වඳවී යන ආරක්ෂා කරගත යුතු වර්ගයේ සිටින දිවියා යම් කිසි පුද්ගලයෙකු මරා දමන්නේ නම් ඔහුට එරෙහිව රුපියල් දස දහසේ සිට රුපියල් ලක්ෂය දක්වා මුදල් දඩයක්ද වසර දෙකේ සිට වසර පහක් දක්වා වූ සිර දඩුවමක්ද නියම කළ හැකි බවටයි.
එමෙන්ම කිලිනොච්චිය වනජීවී නිලධාරීන්ද දිවියා ආරක්ෂා කරගැනීමට අවස්ථාවට උචිත නොවන ආකාරයකට රජාකාරි සිදු කර ඇති අයුරුක් පෙනෙන්නට නොමැති බවක් පෙනී යන අතරම දිවියා මැරීමට දායක වූවන් වීඩියෝ පරික්ෂා කොට හෝ හඳුනාගත යුතු අතරම වනජීවි නිලධාරීන් වෙනුවෙන්ද වෙනම පරික්ෂණයක් සිදු කළ යුතු බවට උතුරේ පරිසර වේදීහු වැඩි දුරටත් කියා සිටියහ.
අම්බාල්කුලම් ප්‍රදේශයට ඇතුල් වූ දිවියා ඊයේ (21) දින පළමුව එළුවන් පිරිසකට පහර දී වැසියන් සිව් දෙනෙකුටද පහරදීමෙන් තුවාල ලබා රෝහල්ගත කළ අතර පසුව වනජීවි නිලධාරීන් පැමිණ දිවියා ඇල්ලීමට යාමේදී දිවියා පහරදීම හේතුවෙන් වනජීවි නිලධාරියෙකු තුවාල ලැබීමත් සමග වනජීවි නිලධාරීන් එම ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇත්තේ දිවියා ඇල්ලීට අවශ්‍ය පිරිස් හා උපකරණ රැගෙන ඒම සඳහාය නමුත් වනජිවි නිලධාරීන් එම ස්ථානයෙන් ඉවත්වීමත් සමග ප්‍රදේශවාසීන් නැවත දිවියා සෙවීමට යාමේදී දිවියා විසින් නැවත වරක් පහර දීමෙන් සාමාන්‍ය වැසියන් පස් දෙනෙකු තුවාල ලැබූ අතර දිවියාගේ පහරදීමෙන් තුවාල ලැබූ මුලු ගණණ දහයක් පමණ විය.
දිවියාගේ පසුව සිදු කළ පහරදීමෙන් කෝප වූ ප්‍රදේශවාසීන් විසින් කඩාවැදුනු දිවියාට පහරදී මරා දමනු ලැබීය.
ප්‍රදේශවාසීන් කියා සිටින්නේ වනජීවි නිලධාරීන් සියලු දෙනා එම ස්ථානයෙන් ඉවත් නොවූවේ නම් දිවියා මරා දැමීම වලකා ලීමට හැකි වන බවටත්ය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
https://www.facebook.com/chaturaalwisfans/videos/1845922058784822/?t=169
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...