පුරවැසි කොලම

ඇඩොල්ෆ් හිට්ලර් ලොවම භීතියට පත්කල වියරු ඒකාධිපති පාලකයෙක් බවට ලොවපුරා මිනිසුන්ගේ මතයයි.ඔහු විසින් දෙවන ලෝක යුධ සමයේ යුරෝපයේ කල හිංසාවාදී යුධමය බලහත්කාරකම් හා අපරාධ ලොවම ත්‍රාසයට හා භීතියට පත් කළ බවට කිසිදු සැක සංකාවක් නොමැත. ඔහුගේ තර්ජන හා යුදමය ගර්ජනාවන් වලට නතුවූ එවකට ලොව බලවත් රටවල් වූ සෝවියට් දේශයටත් මහා බ්‍රිතාන්‍යය ටත් ඇමෙරිකාවටත් තදින්ම දැනෙන්න්ට විය. ජර්මනිය සහ ඇඩොල්ෆ් හිට්ලර්ගේ නාසිවාදය මහත් හිසරදයක් විය. මේ නිසාම ජර්මනියේ නාසි ව්‍යාප්තවාදය වහ වහාම නවතාලීමේ ප්‍රබල වුවමනාවක් තිබුනේ මහා බ්‍රිතාන්‍යයට හා ඇමෙරිකාවටය. විශේෂයෙන්ම ආර්ථිකමය හා යුධමය වශයෙන් ඔවුනට වඩා බලවත් ජර්මනියක් ලොව අත්පත් කරගැනිමම ඔවුන්ට ජාත්‍යන්තරව මහත් පරාජයකි. ඒ නිසාම ඔවුන්ගේ එකතුවෙන් ජරමනියේ ඇඩොල්ෆ් හිට්ලර්ගේ නැගිටීමට එරෙහිව ලොවම සතුරා ලෙසින් නම්කර මිතුරු හමුදාවක් ගොඩනැංවූයේද සිය චණ්ඩිකම් හා බැදුනු බලවන්තකම ආරක්ෂා කර ගැනිමටය. ඇමෙරිකාව බ්‍රිතාන්‍යය ප්‍රමුඛ මිත්‍ර හමුදාවේ මුඛ්‍ය පරමාර්ථය වූයේ එයයි. එසේ වුවද ජෝශප් ස්ටාලින් පෙරටුකොටගත් සෝවියට් දේශයය ට අවශ්‍යය වූයේ හිට්ලර්ගේ ජර්මනිය පරාජය කිරීම නොව නාසිවාදයේ රටවල් අත්පත් කර ගැනීමේ දුෂ්ඨ ක්‍රමවේදය සහමුලින්ම පරාජය කරලීමේ අවශ්‍යතාවයයි. අවස්ථා ගණනාවකදී ජෝෂප් ස්ටාලින් හතුරු දෑත් වෙනුවට සිය මිත්‍රත්වයේ දෑත් ජර්මන් ජනතාව වෙනුවෙන් හිට්ලර් වෙත දිගුකලේ ඒ නිසාමය.

ජෝශප් ස්ටාලින්ගේ මිත්‍රත්වයේ දෑත් දිගුකරද්දී ඇඩොල්ෆ් හිට්ලර් කලේ සතුරු ප්‍රතිපත්තිය මත පිහිටා සෝවියට් දේශය ආක්‍රමණය කිරිමය. එය නාසිවාදයේ බිදවැටීමේ පදනමය. සෝවියට් රතු හමුදාව කල යල් බලා උපායමාර්ගිකව ඇඩොල්ෆ් හිට්ලර්ගේ හමුදාව පරාජය කිරිමේ අඩිතාලම දැම්මේය. ලෝකයේ ලෝකයා හිතන්නේ ඇමෙරිකාව ඇඩොල්ෆ් හිට්ලර් පරාජය කලා කියාය. මහා බ්‍රිතාන්‍යය ඇඩොල්ෆ් හිට්ලර් පරාජය කලා කියාය.. නමුත් ඇත්ත වෙනස්ය. සෝවියට් දේශයේ මහා සාමුහිකත්වය හා බැදුනු රතු හමුදාවක් නොසිටින්නට ජර්මානු හමුදාව පැරදවීම බොහෝ දුරට සිහිනයක් වන්නටද ඉඩ තිබිනි. කෙසේ වතුදු දෙවන ලෝක යුද්ධය හමාර වූයේ ඇඩොල්ෆ් හිට්ලර්ගේ නාසි හමුදාව මුලුමනින්ම පරාජය කිරිමෙනි. අවසානයේදී හිට්ලර්ද සිය ආරක්ෂිත භූගත මන්දීරයකදී සිය දිව් හානි කර ගැනීමෙනි.ඇඩොල්ෆ් හිට්ලර්ගේ මරණයෙන් පසු ඔහුට හා ඔහුගේ ජර්මනියටත් ඉතුරු වූයේ ම්ලේච්ඡත්වය ලෝකය පුරා වැපිරු සාහසිකයකුගේ චරිත සහතිකයයි. ඔහුගේ නම කියවූ සැනින් සිහිනයෙන් වුවද භීතියකින් නැගිටින මානසිකත්වයෙන් අදද ලෝකයා පෙලේ. එය අරුමයක් නොවන්නේ ඇඩොල්ෆ් හිට්ලරයන් පිළිබදව අපට දී ඇති නරුම චිත්‍රයයි. ඔහුගේ පැසිසිට්කම් හා බැදුණු අශිෂ්ටත්වය නිසිලෙස ශිෂ්ටාචාරගත වූ මානව සමාජය කිසිම අයුරකින් පිලිනොගන්නා අතරම යුදෙව් ඝාතනයන් හා බැදුණු මහා මිනිස් සංහාරය කිසිදු මොහොතක ලෝකයේ අපට අමතක නොවනු ඒකාන්තය. ඒ එසේ වන්නේ ජර්මනියේ බලයට පත් වූ ඇඩොල්ෆ් හිටලරයන්‍ පිලිබදවය.

නාසි ජර්මානු හමුදාව මෙහෙය වූ ඇඩොල්ෆ් හිට්ලරයන් පිළිබදවය. එය සත්‍යක් වුවද මේ මහා ලොව කැළඹූ මිනිසා ඇතුලේ ජීවත් වූ මිනිසාද එලෙසින්ම දැවැන්තයෙක්ද විය. ඔහු අසීමාන්තිකව තම උපන් මව්බිමට පෙම්බැන්ද අග්‍රාගන්‍ය දේශප්‍රේමිත්වය ඔහු සතු විය. කිසිදා නොමියෙන ජාත්‍යානුරාගයෙන් හා ජාත්‍යාලයෙන් ඔද වැඩුනු මහා මිනිසකු ඔහු තුල ජීවත් විය. ඔහුගේ ළමාකාලය මෙන්ම තරුණ කාලයද ඉමහත් දුක් කරදර කම්කටොළු මැදින් අප්‍රතිහතව ධෛර්යය සම්පන්නව අභියෝගයන්ට නොසැලී මුහුන දී ඒවා පරාජය කරලීමේ අපූරූ පාඩම් ඔහුට කියා දුනි. ඔහුට තිබුනේ එකම අරමුණකි. එකම ඉලක්කයකි. එකම අපේක්ෂාවකි. ඒ තමා ඉපදී හැදුනු වැඩුනු ජර්මානු දේශයට කිසිදා නොවූ විරු වීරත්වයක් හා බලවන්තකමක් ගොඩනැංවීමය. ඒ සදහා ඔහු දැනුම් තේරුම් වයසේ පටන්ම පොදු අරමුණක් වෙනුවෙන් වූ ජාතික අභිප්‍රාය ඉටුකිරිම වෙනුවෙන් කැපවිය. ඔහු ජර්මානු හමුදාවට සොල්දාදුවෙක් ලෙස බැදෙන්නෙද ඉන් අනතුරුව ජර්මානු සමාජ ප්‍රජාත්‍රාන්ත්‍රික පකෂයේ සාමාජිකත්වය ගෙන කෙටි කලක් තුළ එහි ඉහල වගකීමක් ලබාගන්නේද අප්‍රතිහත ධෛර්යය හා කැපකිරිම නිසාවෙනි. ඉන් නොනැවතී ජර්මනියේ දූෂිත ආණ්ඩුව හොදින් හෝ නරකින් පළවා හරින්නට සිය සක්‍රීය දායකත්වය හා නායකත්වය දෙනු ලබයි .

එවකට දූෂිත දුර්දාන්ත ආණ්ඩුවේ දූෂිත ඇමතිවරු හතළිස් පහක් ඝාතනය කරමින් ආණ්ඩු බලය ලබාගන්නා ඇඩොල්ෆ් හිට්ලර් ජර්මනිය ගොඩනැංවීමේ මහගු කාර්ය භාරයට පණපොවමින් ආර්ථිකමය හා යුධමය අතින් ශක්තිමත් ජාතිකවාදී රාජ්‍යයක් ලෙස ලොව ඉහළින්ම ඔසවා තබයි. ඔහු සිතූ පැතූ බලවත්කමේ ජර්මනිය ගොඩනගනු ලබයි. ඒ ඔහු තම උපන් බිමට අසීමාන්තිකව ආදරය කල නිසාවෙනි. අද ද ජර්මානුවන්ට ඇඩොල්ෆ් හිට්ලර් යනු දේශද්‍රෝහියෙකු නොවේ. ලෝකයා අභිමුවේ මහා නරුමයෙකු වුවද ජර්මානුවන්ට ඔහු වීරයෙකි. විශේෂයෙන්ම ඇමෙරිකාව ට මනසින් හෝ එරෙහි ජර්මානුවන්ට ඔහු වීරයෙකි.කියන දේ සිතූ දේ ක්‍රියාවෙන් නොබියව ඉටුකල මහා යුග පුරුෂයෙකි. ලෝකයාට ඇත්තේ ඔහුගේ නරුමත්වය පිලිබදව වූ සංකේතයකි. ඔහු ප්‍රංශය අත්පත් කරගන්න විට තම නාසි හමුදා බලඇණිවලට අණ දුන්නේ කාලතුවක්කු ප්‍රහාරවලින් වැළකින ලෙසයි.ඒ ප්‍රංශය තුල ඇති කලාගාර හා සිතුවම් මන්දීර ආරක්ෂා කරලීම වෙනුවෙනි. එමගින් පවා පෙන්නුම් කරන්නේ ඔහු තුල තුබූ එළියට නොදැමු කලාකාමිත්වයේ මානසිකත්වයයි. හැබැයි ඔහු රටවල් වලට සිය බලපරාක්‍රමය විහිදුවාලු ආක්‍රමණිකයෙක්. ලෝක සිතියමේ මහා බලයක් හා අභියෝගයක් ලෝකයටම එල්ල කල ජර්මනියක් ගොඩනැංවූ පැසිස්ට් ව්‍යාප්තවාදියෙක්. ඔහු සතු වූ ඒකායන අරමුණ වූ ජර්මනිය ඉහලින් ඔසවා තැබීම ඔහු ඉටුකලේය. බලසම්පන්න ජාතිකවාදි රාජ්‍යයක් ඔහු ගොඩනැංවුයේ ද ඔහුගේ දරදඩු පාලන හැකියාව හා බැදුණු නායකත්වය නිසාය. අයාලේ ගිය ජරමනිය එතෙක් බලයේ හිටපු මැති ඇමතිවරු විසින් හොරකම් කර බිද වට්ටපු ජර්මනිය විනාශයේත් අරාජිකත්වයේ ත් හිටි ජර්මනිය කෙලින් සිටුවීමේ අමාරුම කාර්ය ඔහු ඉටු කලේ දරදඩු ක්‍රියාන්විතයක් මගිනි. ඒ නිසාම ජර්මනිය බලස්ම්පන්න ජාතික රාජ්‍යයක් බවට ඔහු පත් කළේය.

ඔහුගේ නරුම මානව සංහාර ව්‍යාප්තවාදය නොතිබුනානම් අදද ලෝක ඉතිහාසයේ පහලවූ විශිෂ්ටතම ලෝක නායකයෙක් බවට ඔහුගේ නමද ලියවෙනු ඇත. මේ ඔහුගේ නායකත්වය හා කැපවීම පරිත්‍යාගය තම පොදු අරමුණක් බවට පත්කල විශිෂ්ඨත්වය නිසා රටක් හදනාවනම් හිට්ලර් වගේ සෘජු තීන්දු තීරණ ගතහැකි මිනිසෙකු රටකට අවශ්‍ය යැයි ලෝකයා පවසන්නේද එනිසාවෙනි. ලොව දූෂිතම රටවල් හා ආර්ථික අතින්ද දේශපාලන අතින්ද සංස්කෘතික අතින්ද අබල දුබල රටවල් වල බොහෝ මිනිසුන් පවසන්නේ රටක් හදන්නට නම් සෘජු තීන්දු තීරණ ගතහැකි ශක්තිමත් රාජ්‍යය නායකයෙකු රටට අවැසි බවය. එයට උපහැරණයට ගන්නේ ජර්මනියත් ජර්මානුවත් ඉහලින් ඔසවා තැබූ ඇඩොල්ෆ් හිට්ලරයිය. ඒ අපි අබිමුවේ සිටින මෙතෙක් අපි දුටු දකින පැසිසිට් වාදී නරුම් මානව සංහාරක හිටලර් නොව ජාතිකවාදී රාජ්‍යයක් ගොඩනංවාලිය හැකි දූෂිතව අයාලේ යන දේශපාලන අරාජිකත්වය අරක් ගත් රට කෙලින් සිටුවා ජාතික අභිවෘද්ධිය හා ජාතික සුරක්ෂිතතාවය ස්ථාපනය කල හැකි සෘජු තීන්දු තීරණ ගතහැකි නායකත්වයක් රටට මේ මොහොතේ අවැසිය.

බොහෝ අය හිට්ලර් වගේ මිනිහෙක් අපේ රටට දැන් ඕනෑය කියා පවසන්නේ මේ රට රකින රට හදන නායකත්වයක් මේ මොහොතේ රටට ඇවැසි නිසා මිසක් අර අපි දකින නරුම මානව සංහාරක හිට්ලර් කෙනෙක් ප්‍රාර්ථනා කිරිමක් නොව අසීමාන්තිකව මේ බිමට පෙම් බදින සොදුරු ඒකාධිපතියෙක්ගේ භූමිකාවට පණ පොවමින් ජාතිකත්වයත් ගොඩනංවාලිය හැකි ජාතිකත්වයක් සහිත නායකත්වයක් රටට අවශ්‍ය බවය. අපේ ප්‍රාර්ථනාවද නරුම නොවන එහෙත් සෘජු ප්‍රතිපත්ති මත් පිහිටා කටයුතු කලහැකි නායකත්වයක් රටට අත්‍යාවශ්‍යෙන්ම ඇවැසි බවය.

රජරට අනුරාධ තෙන්නකෝන්
සභාපති,
රට ගොඩනැංවීමේ ජාතික එකමුතුව.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More