Breaking News : ලුහාන්ස්ක් පළාත මුළුමනින්ම රුසියානු පාලනයට නතු වේ. යුක්රේනයේ ඩොන්බාස් කලාපයේ ලුහාන්ස්ක් (Luhansk) පළාතේ අවසාන යුක්රේන බලකොටුව වූ සෙවිරොඩොනෙට්ස්ක් (Severodonetsk) නගරය රුසියානු සේනාංක විසින් මුළුමනින්ම අත්පත් කර ගෙන තිබේ.
ජනගහනය 100,000ක් පමණ වන සෙවිරොඩොනෙට්ස්ක් නගරය එම පළාතේ දෙවන විශාලතම නගරයයි. ඊයේ දිනයේ නිකුත් වූ යුක්රේන යුද්ධයට සම්බන්ධ ඇමරිකානු සහ බටහිර වාර්ථාවන් පැවසුවේ මෙම සිවර්ස්කි ඩොනෙට්ස් ගංඟාවේ (Siverskyi Donets river) වම් ඉවුරේ පිහිටි සංග්රාම වැදගත්කමකින් යුතු මෙම නගරය සම්පූරණයෙන් වට කිරීමට රුසියානු හමුදා උත්සහ කරමින් සිටින බවත්, එය සති ගණනක් ඇදෙන යුද්ධයක් වනු ඇති බවත්ය. එම බටහිර වාර්ථා වලින් සහ තමන් කිසිසේත් සෙවිරොඩොනෙට්ස්ක් නගරය අත්නොහරින බවටත්, එහිදී රුසියානු හමුදාව නියත ලෙසම පරදවන බවටත් යුක්රේන ජනාධිපති වොලොද්මියර් සෙලෙන්ස්කි ලොවට කල ප්‍රකාශයෙන් පැය 24ක් යන්නට මත්තෙන් එම මහ නගරය රුසියානු හමුදා විසින් අත්පත් කර ගැනීම විශේෂ සිදුවීමකි.
යුද්ධය ආරම්භක දිනයෙන් පසු වේගයෙන්ම බිඳ වැටුනු යුක්රේන නගරය වන්නේ මෙම සෙවිරොඩොනෙට්ස්ක් නගරයයි.
මෙම යුක්රේන පරාජයට පෙර සෙවිරොඩොනෙට්ස්ක් හී සටන් වැදුනු යුක්රේන හමුදා බලඇණි කිහිපයක් කීව් අගනුවරින් ලැබෙන නියෝග නොතකා සටන් වැදීම ප්‍රතික්ෂේප කර පසුබැස ගොස් ඇති අතර තවත් යුක්රේන සෙබළුන් පිරිසක් රුසියානු හමුදාවන්ට යටත් වී තිබේ. එසේ පසුබැස ආ යුක්රේන යුධ හමුදාවේ 115 වන බ්‍රිගේඩයේ සෙබළුන් යුධ අධිකරණයකට පමුණවා සිරගත කිරීමට පවා කීව් පාලනය කටයුතු කර ඇති බවද එරට සමාජ මාධ්‍ය වාර්ථා කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...