අත්අඩංගුවට ගත් එරොෆ්ලොට් ගුවන් යානය සම්බන්ධයෙන් ඇති වූ ගැටලුව විසඳීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන්ට රුසියානු ෆෙඩරල් ගුවන් ප්‍රවාහන ඒජන්සිය (Rosaviatsiya ) ඊයේ(06) සිය කෘතඥතාව පළ කර ඇති බව රුසියානු පුවත් සේවා වාර්තා කරයි.
ඊයේ(06) කොළඹ වානිජ මහාධිකරණය විසින් මත භේදයට තුඩු දුන් එරොෆ්ලොට් ගුවන් යානයට රටින් පිටවීම තහනම් කරමින් ලබා දුන් නියෝගය අත්හිටුවන ලදී. නීතිපතිවරයා විසින් ගොනු කරන ලද මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ වාණිජ අධිකරණය මෙම නියෝගය අත්හිටුවනු ලැබීය. පසුව එරොෆ්ලොට් ගුවන් සමාගම අදාළ ගුවන් යානය කොළඹ සිට මොස්කව් බලා පිටත් කර හැරීමට කටයුතු කළේය.
“අද, 2022 ජුනි 6 වන දින, මොස්කව් වේලාවෙන් 15:52 ට (GMT 12:52), එරොෆ්ලොට් ගුවන් සේවයේ RA – 73702 දරණ රුසියානු ලියාපදිංචිය සහිත එයාර්බස් A330-343 ගුවන් යානය, කොළඹ ගුවන් තොටුපලේ රඳවා තබා ගැනීමෙන් පසු, මොස්කව් වෙත පිටත් විය. ගුවන් යානය සම්බන්ධයෙන් පැන නැගුණු ගැටලුව සඳහා ඵලදායී විසඳුමක් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගුවන් සේවා බලධාරීන්ට සහ අනෙකුත් රාජ්‍ය දෙපාර්තමේන්තු වල බළධාරීන්ට රුසියානු ෆෙඩරල් ගුවන් ප්‍රවාහන නියෝජිතායතනය කෘතඥතාව පළ කර සිටින බව දන්වා සිටිමු.”Rosaviatsiya සිය නිවේදනය මගින් පවසා සිටී.
මේ අතර රුසියානු විදේශ අමාත්‍යාංශය ශ්‍රී ලංකාවේ රාජ්‍ය බලධාරීන්ට ද ස්තුතිය පුද කර ඇති බවද වාර්තා වේ.
එරොෆ්ලොට් ගුවන් සේවයේ Air Bus A330-300 ගුවන් යානය ජූනි 2 වැනිදා කොළඹ සිට මොස්කව් බලා පිටත්ව යාමට ශ්‍රී ලංකා ගුවන් සේවා බලධාරීන්ගේ අවසරය නොමැතිකම හේතුවෙන් අවලංගු කරන ලද අතර එය කල්බදු සමාගමක ඉල්ලීම මත රඳවා තබා ගන්නා ලදී.
ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම, ගුවන් යානාය අත්අඩංගුවට ගැනීම පිළිබඳ අධිකරණ විභාගයක් ජුනි 8 වනදා පැවැත්වීමට නියමිතව ඇති බවත්, එය එරොෆ්ලොට් – රුසියානු ගුවන් සේවය සහ සෙලෙස්ටියල් එවියෙෂන් ට්‍රේඩින් 10 ලිමිටඩ් නම් සමාගම අතර පුද්ගලික ගැටලුවක් පමණක් බවයි. රුසියානු විදේශ අමාත්‍යාංශය විසින් මොස්කව්හි ශ්‍රී ලංකා තානාපතිවරයා වෙත සිය විරෝධතාවය ලිඛිතව භාර දුන් අතර එරොෆ්ලොට් ගුවන් සමාගම විසින් කොළඹ වෙත තවදුරටත් ගුවන් ගමන් අත්හිටුවා ඇත.
(ස්පුට්නික් පුවත් සේවයෙන් උපුටා ගන්නා ලදී..)
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...