දේශීය පුවත්

පසුගියදා භාරතීය ජනතා පක්ෂයේ ජාතික මාධ්‍ය ප්‍රකාශිකා නුපූර් ෂර්මා සහ පක්ෂයේ දිල්ලි ප්‍රාන්ත මාධ්‍ය කටයුතු සම්බන්ධ ප්‍රධානී නවීන් කුමාර් යන අය විසින් මහම්මද් තුමා සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් හේතුවෙන් ඉන්දියාවේ දිල්ලි සහ මුම්බායි නගරවලටත්, ගුජරාට සහ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ නගරවලටත් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කරන බවට අල් කයිඩා ත්‍රස්ත සංවිධානය අනතුරු අඟවා තිබෙන බව ඉන්දීය පුවත් පත් වාර්තා කර සිටී.

මෙම අනතුරු ඇඟවීමට අල් කයිඩා සංවිධානයට අයත් ආසියානු උප මහද්වීපයේ ක්‍රියාත්මක සාමාජිකයන් සම්බන්ධ බවද ඉන්දීය පුවත් සේවා වාර්තා කර සිටී. මහම්මත්තුමාට අපහාස කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට ගල්ෆ් කලාපීය මුස්ලිම් රටවල් වන සෞදි අරාබිය, කටාර් රාජ්‍යය, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සහ ඉරානය ද ඉන්දීය රජයට දැඩි විරෝධයක් එල්ල කර තිබෙන බවද ඉන්දීය පුවත් සේවා පවසා සිටී.

නුපූර් ෂර්මා සහ  නවීන් කුමාර් මහම්මත්තුමාට අපහාස වන අයුරින් අදහස් ප්‍රකාශ කළේ රූපවාහිනී වැඩසටහනක් අතරතුරේදීය.

මේ වන විට මෝදිගේ රජයට එල්ල වූ දැඩි විරෝධය හේතුවෙන් මොවුන් දෙදෙනාම පක්ෂයේ දැරූ තනතුරුවලින් ඉවත් කිරීමට භාරතීය ජනතා පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය පියවර ගෙන ඇති බවද ඉන්දීය පුවත් සේවා පවසති.

එහෙත් ලෝක මුස්ලිම් ප්‍රජාව ඉන්දියාවටත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිටත් දෝෂාරෝපණ එල්ල කිරීම නැවතී නත. අල් කයිඩා සාමාජිකයන් කළ අනතුරු ඇඟවීමත් සමඟ දිල්ලි, මුම්බායි ඇතුළු ප්‍රධාන නගරවල ආරක්ෂාව තවත් දැඩි කිරීමට ඉන්දීය ආරක්ෂක අංශ පියවර ගනිමින් සිටින බවද වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More