බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කරුණු දැක්වීමකට පමණක් නොව වගඋත්තරකරුවෙකු වශයෙන් ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.
අද(16) පැවති සමාජවාදී ජනතා පෙරමුණේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය. බැඳුම්කර සිදුවීමට අගමැතිවරයා සම්බන්ධ බව දිගින් දිගටම තමා පැවසීම මේ වන විට අවධානයට යොමු වී ඇති බවත්, අගමැතිවරයා කැඳවා වහාම මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගත යුතු බවත් නානායක්කාර මහතා පවසයි.
‘‘මහ බැංකුවේ බැඳුම්කර වංචාවට අගමැතිගේ සම්බන්ධයක් තිබෙන බව මා විසින් දිගින් දිගටම කියා සිටීම දැන් අවධානයට යොමුවී තිබෙන බව පෙනෙනවා. මම 2015 අපේ‍්‍රල් මාසයේ පමණ බැඳුම්කර වංචාවේ දී අගමැතිත් විත්තිකාරයෙක් බව කියමින් පොලිස්පතිට ලිපියක් යැව්වා. මහ බැංකු අධිපති ගෙනාවේ ඔහුගේම වුවමනාවට. ඔහුගේම කැමැත්තෙන්. වෙනදා මුදල් අමාත්‍යංශය යටතේ තියෙන මුදල් අමාත්‍යංශ්‍ය ඔහුගේ යටතට ගත්තා. ඊළඟට මේ ප‍්‍රශ්නය මතුවූ අවස්ථාවේ ඔහු පාර්ලිමේන්තුවේ නැගිටලා අර්ජුන් මහේන්ද්‍රන් ආරක්ෂා වන පරදි ලොකු ප‍්‍රකාශයක් කළා. ඉන් අනතුරුව කෝප් කමිටුව තීරණය කළා මේකෙ වගකිවයුත්තා ඔහු බවට. දැන් ජනාධිපති කොමිසමෙන් එළිවෙන කරුණු වලිනුත් පෙනෙනවා මේකෙ වගකිවයුත්තන් කවුද කියන එක‘‘ යැයි ද නානායක්කාර මහතා කීය.
කෙසේ වුවත් පසුගියා දා බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් කොප් කමිටු වාර්තාවට පැටහැනි වු අදහසක් පාර්ලිමේන්තුව තුළ පවසමින් අගමැතිවරයා පාර්ලිමේන්තුව නොමඟ යැවු බවත් මේ සම්බන්ධයෙන් අගමැතිවරයා ඍජු ප්‍රකාශයක් ලබා දිය යුතු බවත් පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...